
(රෝෂන් තුෂාර)
නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයෙකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්‍යාපාරිකයකු ලබන 17 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (27) නියෝග කළාය.
සලෝචන ගමගේ හා දුශාන්ත දිනේෂ් සැකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැකකරුවන්ට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බවද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ . සැකකරුවන් විසින් අදාළ මුදල් ලබා දෙන ලෙසට පැමිණිලිකරුගෙන් ඉල්ලා සිට ඇති බවත්,ඒ අනුව උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd