
(අංජුල මහික වීරරත්න)
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e - NIC) මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පුර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු වේ.
ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම් පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15 ක් මිල දී ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් හැඳුනුම්පතට කාඩ් ගන්න ලංසු දෙන්න යයි
තරිඳු Tuesday, 08 April 2025 03:54 PM
රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ රටේ පුරවැසියන්ට e id නැති එක. කොහෙන්ද මේවාට හිනා වෙන්න ඕනේ... ඇයි මේ හදිස්සිය මොකක්ද? මේ හැඳුනුම්පත භාවිතා නොවීමෙන් වෙන පාඩුව. මේවා තමයි නවීන සොරකම්. දත්ත තොරතුරු යනු ආදායම් මාර්ග සමහර අයට...