
(ගයාන් සූරිය ආරච්චි)
අම්බලන්ගොඩ නගර සභාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා පළා ගිය මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සැකකරුවන් කළ එම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බරපතල තුවාල ලබා බලපිටිය බෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ අම්බලංගොඩ පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෙම මෝටර් රථය එගොඩ වෙල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
සීසී ටීවී දර්ශන සහ අනෙකුත් විමර්ශන ආශ්‍රයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් මෝටර් රථය අම්බලන්ගොඩ පොලිසියට බාර දී ඇත. ඇල්පිටිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී