
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2168 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
හෙට(3) ඊශ්‍රායලය බලා පිටත්ව යන තවත් සාත්තු සේවා වෘත්තිකයින් 20 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, එම පිරිසට කාන්තාවෝ 18 දෙනෙක් හා පිරිමි දෙදෙනෙක් අයත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු වැරදි වැඩක් කරන්න එපා. ඇසට නොපෙනෙන තැන්වල සිවිලින් පෑන් හොයන්න බැරි තැනක ඉතා කුඩා කැමරා සවිකරලා ගෙවල්වල වෙන දේවල් ඔක්කොම පෝන් එකෙන් බලනවා.
අපේ රටේ. රෝගීන්ගේ අවාසනාව. මේ විදියට. හොඳ සේවයක් නොලැබීමට.... රෝහලකට ගියාම. අන්තිම කැතයි කතාකරන විලාශය රෝගින්ට. මහළු දෙම්ව්පියන් මහ පාරට. ගෙවන මුදල වැඩි නිසා හොඳ සේවයක් ලබා දෙනවා.
ඊශ්‍රායෙල් මිනීමරු රාජ්ජයකට ගිහිල්ලා මිනී මරුවන්ගේ හෝදනවා කියන්නේ අපි මොන තරම් අවලන් අයද? පලස්තීන ළමයින් ගැහැණුන් දිනපතා කරනවා මේ තිරිසන් ඊශ්‍රායෙල් රාජ්ජය...
අනේ වාසනවාන්
ඔවු ඉතින් වැරැදි වැඩ නොකර හොඳින් වැඩ කරගෙන ඉන්න තාක්කල් කවුරු කවුරුත් හොඳ සහතික දෙයි..