
(බී ජී චතුරංග)
අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් හා එය ප්‍රවාහනය කළ තට්ටු ලොරියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සහ ගල්පොත්වය ගම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27, 37 සහ 42 වියේ පසුවූ පුද්ගලයෝ තිදෙනෙකි.
රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදු කිරීමට කටයුතු කළ ද මධ්‍යම රාත්‍රියේදී සැකකරුවන් එය අතර මග නතර කර දමා යාම හේතුවෙන්, රක්ෂිතය තුළ සැඟව සිට සැකකරුවන් යළි වන විනාශය කිරීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.
උතුරු මැද සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය වන සංරක්ෂණ නිලධාරී ඩබ්ලිව්.ඩී එන්. ආර් ප්‍රසාද් මහතාගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම , මත දින දෙකක් පුරා දිවා සහ රාත්‍රී කාලයේ පැවති දැඩි වර්ෂාව සහ වන අලි මධ්‍යයේ සිදු කළ සූක්ෂම වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය සදහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුරේ වන විනාශයක්
ගුණරත්න Saturday, 15 March 2025 01:40 PM
මේවා අද ඊයේ වුණාට ගිය ආණ්ඩුවේ එකෙක් ගේ සම්බන්ධයක් හොයාගෙන බණින්න ඕනෑ කියලා ආණ්ඩුවේ අපුල්ලන මහත්තයෙක් කිව්වා.