
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2030 වන විට ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට දැනුම් දුන්නේය.
අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවැනි සාකච්ඡාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩලය පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, 2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්, ඊට අදාළ යෝජනා පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යාවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය, ඖෂධ අපනයන කර්මාන්තය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම කුකුළු මස් අපනයනය, තේ අපනයන සංවර්ධනය, කුළුබඩු අපනයනය, Export Hub සංකල්පය , ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, අපනයන ආශ්‍රිත ආයෝජන වර්ධනය, ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රව්‍ය සැපයීම, නව තීරු බදු ගිවිසුම්වලට අවතීර්ණ වීම සහ තීරු බදු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කර්මාන්ත අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහත්වරු සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතම පවුල් පාලන ආණ්ඩුව තිබුනානම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
කුරුඳු තමා ඩොලර් උල්පත කියලා ඒ කාලේ රැස්වීම්වල බෙරිහන් දුන්නා ! අගය එකතු කරන නිෂ්පාදන හදනවා කීවා දැන් හානි කවිස්සියක් වත් නෑ! දැන් රජයේ සේවකයින් සඳහා වැඩි පඩි, අලුත් වාහන නව බඳවාගැනීම් 60000ක්! ඔන්න ලේසියෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් හදන්නයි යන්නේ! 2028 දී රට ගොඩ!
SME වලට පොලී අඩු කරන්න..ලීසී,පෞද්ගලික හා නිවාස ණය සාදහා පොලී වැඩි කරන්න. මේවායේ පොලී වලින් බැංකු ලොක්කෝ ගසා කනව .පරිභෝජන ආර්ථිකයට රටක් ගොඩ යන්න බෑ. . සංවර්ධිත රටක් කරන්න. අපේ රට බංකොළොත් වෙන්න ප්‍රධාන හේතුවක් අපේ බැංකු.. sme ණය දෙන්නේ නැති i බැංකු වලට බදු වැඩී කරන්න. බැංකු ලොක්කෝ tax refund ගන්නවා.
ජනාධිපති තුමා ලංකාවට ආනයනය කරන කර්මාන්ත සදහා අවශ්‍ය කරන සියලුම භාණ්ඩ සදහා අධික තීරු බදු අයකරනවා , ලැබෙන බදු වලින් කරන්නේ රටේ අවශ්‍ය ප්‍රමනෙට වැඩිය තුන්ගුණයක් සිටින රජයේ සේවකයන් නඩත්තු කරන එක සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි පාඩු ලබන රජයේ වියපර නඩත්තුව වැනි නිෂ්පල දේවල් ,එහෙම වුනහම රටේ ජිවන වියද වැඩි වෙනවා , එම තත්වය තුල ලංකාවේ නිපදවන භාණ්ඩ වල නිෂ්පාදන වියදම් ඉහල නිසා ලෝක වෙළදපලේ තරගයක් දෙන්න බැහැ , එම නිසා ඔබතුම ඉල්ලක්ක කරන අපනයන ආදායම සොයාගන්න බැහැ