(රෝෂන් තුෂාර)

වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින්  උපයා ගතනොහැකි රුපියල්   මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි  අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.  බෝදරගම  (23) නියෝග කළේය .

සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිස මේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ වසර දෙකක කාලය තුළදි සිය වැටුප් සහ අදායම් වලින් උපයා ගත් නොහැකි රුපියල් මිලියන 46 වත්කම් උපයා ගැනිම හා එකි වත්කම් උපයාගත අකාරය අනාවරණය කිරීම අපෝහොසත්වීම මත සැකකරුඅල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්  විමර්ශන සිදු කරන බවත්, සැකකරුගේ බිරිඳගෙන් සහ බිරිඳගේ සහෝදරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියාය.

සැකකරුට එරෙහි පැමිණිල්ල  2015 දී ලැබුණු බවත් 2016 වර්ෂයේ දී විමර්ශන ආරම්භ කොට එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමක් කළ බවත්,නිසි පිළිතුරු ලබාදීමට සැකකරු අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන්නාය.

එකි වත්කම් උපයාගත්තේේ කෙසේදැයි 2016 වසරේදී විමසා සැකකරු වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස  විදේශ රටක සිටින සිය බිරිද ගේ නැගනිය සහ ඇගේ සැමියා විසින් රුපියල් මිලියන 11 ක මුදලක් එව් බව ප්‍රකාශ කර ඇති බවත් එය තහවුරුකිරිම කිසිදු ලේඛනයක් ලබා නොදුන් බවත්, ඒ අනුව එම පුද්ගලයින්ගෙන්   ප්‍රකාශ ලබා ගැනීමට  ඇති බවත් පෙන්වා දුන්නේය.එම පුද්ගලයින් ප්‍රකාශ ලබාදීම මගහැර ඇති බවත් පැවසීය

මුදල් ඉපවූයේ ඉඩමක් අලවි කිරීමෙන් බවට   ප්‍රකාශ කලද එම ඉඩම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් කොමිසම  වෙත 2016 සිට ලබා නොදුන් බවත් ප්‍රකාශ කලේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා  සේවා දායකයා කිසිදු අයථාවත්කමක් උපයා ගැනීමක් සිදු කර නොමැති බව කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

සියලු කරුනු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ,  සැකකරු සාක්ෂි කරුවන්ට බලපැම් කොරිමෙ ඇති හැකියාව මත සැකකරු රක්ෂිත බන්ධනාගාගත කරන බවය. තවද මෙම සිද්දිය සම්බන්ධයෙ පරික්ෂණ  කඩිනමින් අවසන් කොට ඉදිරිදින ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ අල්ලස් කොමිසමට නියෝග කලේය.

(ඡායාරූපය: ඉසුරු පෙරේරා)