IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අධිවේගේ හැපුණු රාජ්‍ය ඇමතිගේ බලශක්ති ජීප්රිය ගැන විමර්ශනයක්


(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලබාගෙන තිබූ   බලශක්ති අමාත්‍යාංශයට අයත් ජීප් රථයක්  කොළඹ මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේදී  කිලෝමීටර් 88 R සහ  88.1 R ප්‍රදේශයේදී පසුගිය වසරේදී
අනතුරට ලක්ව අලාභ හානිවීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය  පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේදී එහි එම  රාජ්‍ය අමාත්‍යවරයාගේ  පියාද සිට ඇත. මෙම ජීප් රථය( KQ  5423 අංක දරන)මාතර සිට කොළඹ දෙසට ධාවනය කිරීමේදී කිලෝමීටර් 88 R සහ  88.1 R ප්‍රදේශයේදී ලොරියකට ඉස්සර කිරීම සඳහා මාර්ගයේ දකුණු මන්තීරුවට ගැනීමේදී  ජීප් රථයට පිටුපසින් ධාවනය වූ බස් රථයක්  ගැටීමෙන් පසුගිය වසරේ ජූලි මස 22 වැනිදා  මෙම අනතුර සිදුව ඇතැයි  අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

බස් රථය ජීප් රථය  පිටුපස ප්‍රදේශයේ  ගැටීමෙන් පසු අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂක වැටේ  ජීප් රථයේ බඳ කොටස වැදි නැවතී ඇත. අනතුරෙන් ජීප් රථයේ පිටුපස දකුණු පැත්ත බඳ කොටසට සහ එහි ඉදිරිපස දකුණු පැත්තට අලාභ හානි සිදුව ඇත.

ජීප් රථයට සිදුවූ අලාභය අදාළ රක්ෂණ සමාගමෙන් හානි පූර්ණය කර ගන්නා බවට රියදුරු දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව විමර්ශන කළ පොලිස් නිලධාරියා ජීප් රථය සහ එහි රියදුරුගේ රියදුරු බලපත්‍රය මුදා හැර ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශයේ පින්න දූව අනුපාලක ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු උසස් නිලධාරියකුගේ නිසි නියෝගයක් නොමැතිව තම අභිමතය පරිදි වාහන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර මුදාහැර ඇති බව තොරතුරු අනාවරණය වීමෙන් පසු රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි අධිවේගී මාර්ග දකුණ පොලිස් අධිකාරි එම්.පී ඩයස් මහතා  ඒ සම්බන්ධයෙන්  මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත .


 



අදහස් (3)

අධිවේගේ හැපුණු රාජ්‍ය ඇමතිගේ බලශක්ති ජීප්රිය ගැන විමර්ශනයක්

අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 09:35 AM

තාත්තාට බෙහෙත් ගන්න, අම්මට නෑගම් යන්න නෝනාට ෂොපින් යන්න බේබිලාට ඉස්කෝලේ යන්න බල්ලව ක්ලිනික් එකට අරන් යන්න, ඔක්කොටම තිබුණේ ආණ්ඩුවේ වාහන, පව් අප්පා...... දැන් එතුමන්ලා ඒ වැඩ කොහොම කර ගන්නවාද දන්නේ නැහැ !

:       4       31

සෙනෙවිරත්න Thursday, 31 July 2025 09:51 AM

පරීක්ෂණ යට නොගසා කිරීම තමයි වෙනස, ⁣කවුරු වැරදි කළත් නීතිය දඬුවම හරියට වෙන්න ඕන. හැබැයි වසරක් ගතවුනා වැඩේට.

:       2       33

Nimal Thursday, 31 July 2025 11:39 AM

දැන්වත් මිනිසුන්ට කියපු බොරු තේරෙනවාද? 68 ලක්ෂයක් ගොන් හරක්ද? මොලේ පෑදෙනවිට වළන් ටික කැඩිලා ඉවරයි

:       26       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site