
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
තුවාල ලද විදේශීය පිරිස අතර මව පියා සහ දියණියන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි. එංගලන්ත ජාතික පවුලේ පිරිස රැගත් සුඛෝපභෝගී වෑන්රථය කටුනායක ගුවන් තොටුපොළ කරා යමින් සිටියදී ඉදිරියෙන් කොළඹ දෙසට ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරට ලක්වීමෙන්එංගලන්ත ජාතික යුවළ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.
එයින් මඳ වේලාවකට පසු දොඩංගොඩ දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ලොරියක පිටුපස ගැටීමෙන් මෝටර් රථයක් අනතුරට පත් වී ඇත. එහිදී ලොරි රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරි රථ වැනි බර වාහන වලට වම් මංතීරුවේ පමණක් ගමන් කරන නිතිය තියෙන්න ඕන. වෙනත් රටවල එහෙමයි. බර වාහන අධිවේගයේ රේස් යනවා. මේවා පාලනය කරනොගත්තොත් තව තව අණතුරු වෙයි.
අධිවේගයේ අනතුරක් කිව්වොත් හැමදාම වගේ අහන්න ලැබෙන්නේ ලොරියක පස්සේ හැප්පිලා වුනු අනතුරු,
බර වාහන වල පිටිපස්සෙන් හැප්පිලා තමා හුගක් අනතුරු වෙන්නේ . හේතුව : සමහර බරවාහන දුවන්නේ Kmph 50 වගේ. අඩිවේගයේ අවම වේගය Kmph 80 කරන්න.තවද ටයර වල ප්‍රෝෆයිල් නැති වාහන සහ ප්‍රමිතියට නැති වාහන වලට අඩිවේගයට ඇතුල් වීමට ඉඩ නොදී යුතුය. සියලුම බර වාහන වමෙන් ගමන් කර යුතුය
අඨීවේගයේ යන්න පලපුරුද්දක් තියෙන්න ඕන ...
බර වාහන හිමින් යන එක තමයි අවුල, උපරිම වේගය 100km/h , කරා වගේම, අවම වේගයත් 70km/h වත් කරන්න ඕනි.