
(කේ. බුද්ධික කුමාරසිරි)
අධිවේගී මාර්ගවලට ලබන වසරේ සිට ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති සකස් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසයි.
අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේ ද පැවැසීය.
පසුගිය අවුරුද්දට සාපේක්ෂව මෙම වසරේ අධිවේගී මාර්ග භාවිතාව සියයට 15 පමණ වර්ධනය වෙලා.
පහුගිය අවුරුද්දේ අප්‍රේල් 10 සිට 20 දක්වා කාලයේ අධිවේගී මාර්ගවල වාහන දාහතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ධාවනය වුණා.
එයින් රුපියල් මිලියන පන්සිය තිස් හයකට වඩා ආදායමක් ලැබුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගය භාවිත කරන කැමති කෙනෙකුට යුරෝපේ තිබෙන ආකාරයට වසරකට රුපියල් 5000 ක පමණ මුදලක් අය කරලා වීදුරුවේ අලවන්න පුළුවන් බලපත්‍රයක් නිකුත් කරන්න , ( මම අදහස කරන්නේ දැනට පවතින ගාස්තු ගෙවීමේ ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කරන එක නොවේ ) එතකොට නිතර නිතර අධිවේගී මාර්ගයේ වාහන භාවිත කරන පුද්ගලයන්ට යම්කිසි මුල්‍යමය සහනයක් ලැබෙන අතර , පිටවීමේ දොරටු අසල තිබෙන වාහන තද බදයද බොහෝ දුරට අඩුවේ , ජනතාව දී වැඩියෙන් අධිවේග මාර්ග භාවිතා කරනකොට අනෙක් මාර්ග වල වාහන තද බදය අඩු වන අතර රටට විශාල ඉන්දන ප්‍රමාණයක් ඉතුරු වෙනවා , අධිවේගී මාර්ගවල අයකරන ගාස්තු අඩු කොට වැඩි වැඩියෙන් රියදුරන් මේ මාර්ග භාවිත කරන්න පෙලබවන එක රජයේ වගකීමක් ,
අය කරන ගාස්තුවත් වෙනස් කරන්න
අල්ලපු ගෙදර බල්ලට පාර පනින්න පුළුවන් වෙයි වගේ... අම්මපා...