IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා

(යොහාන් භාසුර)

ඉන්දියාවේ ‘අදානි’ සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලට වෙන්කළ ඉඩම් දෙක නැවත ටෙන්ඩර් කැඳවා විදුලි ව්‍යාපෘතියකට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය.

මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එසේ සඳහන් කළේය.

‘අදානි’ සමාගමට එහිදී මන්නාරමේ මෙගාවොට් 250 ක සහ පුනරින්වල මෙගාවොට් 234 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකකට ඉඩම් වෙන්කර තිබූ බවත් එම සමාගම මේ වන විට එම ව්‍යාපෘති දෙකෙන්ම ඉවත්ව ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම ඉඩම් දෙක අවශ්‍යතාව මත ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ‘අදානි’ සමගාමට හෝ වෙනත් ඕනෑම සමාගමකට ප්‍රදානය කළ හැකි බවත් එහිදී සාර්ථක සහ අඩුම මිලට ටෙන්ඩරය ප්‍රදානය කරන බවත් ජයකොඩි මහතා පැවසීය.  

මන්නාරම් දූපත තුළ ඇති ඉඩම දූපතේ ජනතා නියෝජතයන්ගේ කැමැත මත එම ව්‍යාපෘතියට යොදාගැනීමට පසුගිය 13 වැනිදා ජනාධිපවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පුනරින්වල ඇති ඉඩම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.

පුනරින්වල ඉදිරිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 234 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධව මේ වන විට ගැටලුවක් ඇති බවත් ඒ අනුව සම්ප්‍රේෂණ මාර්ග සම්පූර්ණ කිරීමට අවශඔ්‍ය මුලික වැඩකටයුතු කරගෙන යන අතරේම එම ව්‍යාපෘතියට නැවත ටේඩර් කැඳවයි හැකි බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (2)

‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා

අන්_ර Friday, 15 August 2025 06:43 PM

අපිට හුළං මෝල් ඕනෑ නෑ. ඩීසල් බලාගාර ටික දුවාගත්තොත් ඇති...

:       7       11

යෝගා Friday, 15 August 2025 06:46 PM

මේ ආණ්ඩුව යටතේ නම් අලුතෙන් බලාගාර හැදෙන්නේ නෑ. ඔය ඉඩම් ටික කැලෑ වැදිලා තිබිලා අනවසර පදිංචිකරුවන්ට අයිතිවෙයි....

:       8       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site