IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක

(තරිඳු ජයවර්ධන)

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ සාධාරණයක් ඉටු නොවන බව කියමින් එම විශ්ව විද්‍යාලයයේ තාක්ෂණ පීඨ සිසුහු අද (18) කොළඹ නගර ශාලාව අසල අට්ටාලයක් බැඳ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
 
තාක්ෂණ පිඨ ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් ඉවත් කිරීම , අහිමිවූ සෙමෙස්තර විභාග දෙක යළි පැවැත්වීම ඇතුළු ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔළුවිල්හි දින 230ක සත්‍යග්‍රහයක් කළත් සාධාරණයක් ඉටු නොවූ නිසා එම සිසුන් කොළඹ පැමිණ සත්‍යග්‍රහයක් ආරම්භ කළ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.
 
සිසුන් පෙළපාළියෙන් වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට යෑමට උත්සාහ කළ ද පොලිසියෙන් මාර්ග බාධක යොදා එම ප්‍රදේශය වසා දමා තිබිණි. ශිෂ්‍ය නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබා දීමට ඇමැතිවරයා නොමැති හෙයින් සහකාර ලේකම්වරයකු සම්බන්ධ කර දිය හැකි බව පොලිසියෙන් කී අතර සිසුහු එය ප්‍රතික්ෂේප කළහ. 
 
ඉන් පසු කොළඹ නව කගර ශාලාව අසල පදික වේදිකාවේ අට්ටාලයක් ගසා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර පැවැති රැලියේ දී අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා මෙසේ ද පැවසීය.
 
‘‘සිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මිනිසුන්ගේ බදු සල්ලිවලින් නඩත්තු වන ආයතනවලට බැරිවෙලා තියෙනවා. විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨවල විෂය නිර්දේශ තවම නෑ. ආචාර්යවරුන් මහාචාර්යවරුන් නෑ. ඒවා ප්‍රශ්න කරන්න අපට අයිතියක් නැද්ද? අපි ඉල්ලන්නේ විශ්ව විද්‍යාල ඇතුළේ බලපෑමක් නැතිව ඉගෙන ගන්න තියෙන අයිතියයි. ඒ අයිතිය ඉල්ලුවාම බොරු චෝදනා දමා සාක්කි පෙන්වන්නේවත් නැතිව එළවන්න ලෑස්ති කරලා තියෙනවා. අග්නිදිග සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එළියට දමන්න තියන උවමනාව ඒ විශ්ව විද්‍යාලය හදන්න තිබුණේ නෑ. එම විශ්ව විද්‍යාලයට ආචාර්යවරුන් ඉල්ලන්නත් සිසුන්ට කොළඹ ඇවිත් උද්ඝෝෂණ කරන්න වුණා. පාසලේ දී උසස් පෙළට තාක්ෂණ විෂයන් හැදෑරුවේ ඒ අංශයෙන් උපාධියක් අරගෙන රටට වැඩක් ඇති මිනිසුන් වෙන්නයි.  තාක්ෂණ පීඨයට ආවේ ඉගෙන ගන්නයි. හැබැයි උගන්වන්න ආචාර්යවරුන්  නැහැ. රෑ නිදා ගෙන උදේ නැගිටිද්දි පොලු මුගුරු අරගෙන ඇවිත් එළවනවා. 
 
රජයේ රාජ්‍ය ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නැගෙනහිර හැදෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න ඉඩම් දෙන්න පුලුවන්. හැබැයි අග්නිදිග විශ්ව විද්‍යාලයට , නැගෙනහිර විශ්ව විද්‍යාලයට පහසුකම් දෙන්න බෑ. මේ ප්‍රශ්නව විසඳනතුරු අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ කොන්දේසි විරහිතව එකට හිටගන්න අපි සූදානම්. මේ අඛණ්ඩ සත්‍යග්‍රහයෙන් නැගිටින්නේ විශ්ව විද්‍යාලයෙන් එළියට දාපු සිසුන් 25 දෙනා නැවත අරගෙනයි.‘‘ යැයි ද ලහිරු වීරසේකර පැවසීය.
 
අග්නිදිග තාක්ෂණ පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ගිහාන් වීරසේකර සිසුවා මෙසේ ද පැවසීය. 
 
‘‘ශිෂ්‍යයන් මර්දනය කරන්න පසුගිය දා පොලු මුගුරු සහ කතුරු අරගෙන ආරක්ෂකයන් නේවාසිකාගාරවලට ආවා. එහෙම  ශිෂ්‍යන් බය කරන්න බෑ. අපි කොළඹ ආවේ උසස් අධ්‍යාපන ඇමැතිතුමාගෙන් විස ඳුමක් ලබා ගන්නයි. අතිරේක ලේකම් එක්ක අපිට සාකච්ඡා කරන්නලු. අපිට අතිරේක ලේකම්ලා එක්ක සාකච්ඡාවක් නෑ.  අපි අද දිනේ තවත් අරගලයක් ආරම්භ කරනවා. මේ අරගලය ජයග්‍රහණයෙන් තමයි නතර කරන්නේ.   ‘‘ යැයි ද ගිහාන් වීරසේකර පැවසීය.

(ඡායාරූප -ඉෂාන් සංජීව) 



අදහස් (4)

අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක

ලුම්බිණි Thursday, 19 July 2018 04:23 AM

'පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න ඉඩම් දෙන්න පුලුවන්. හැබැයි අග්නිදිග විශ්ව විද්‍යාලයට , නැගෙනහිර විශ්ව විද්‍යාලයට පහසුකම් දෙන්න බෑ' කියන එක ගැලපෙන්නේ නැහැ නේද?

:       1       1

isurandi Thursday, 19 July 2018 04:33 AM

අනේ මන්දා ඉගෙන ගන්න කාලෙට වඩා වැඩි හරියක් මේ අයට එළියේ අව්ව තපින්න සිද්ධ වෙලා. බලධාරීන් මේවා ගැන හොයාබලලා පිළියම් යොදන්නේ නැත්තේ ඇයි?

:       0       2

vidya Thursday, 19 July 2018 04:58 AM

ළමයිනේ අපේ ගමට ආවොත් දවස් කුලියට වැඩ කලොත් දවසකට රු. 1500.00 ගන්න පුළුවන් මහන්සි වෙලා දවස් 30 ක් වැඩ කලොත් රු. 45000.00 යි උපාධිධාරියෙකුගේ පඩිය.

:       0       1

kalani Thursday, 19 July 2018 08:30 AM

සිසුන්ගේ හඬට නිරවුල් මනසකින් සවන් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site