IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට

(අමදෝරැ අමරජීව)

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී  බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන්  සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි .

මාවනැල්ල සිට වන්දනා නඩයක් රැගෙන පැමිණි මෙම බස් රථය ත්‍රිකුණාමලයේ දෙසට ගමන් කරද්දී කැබ් රථයට ඉස්සර කිරීමට යෑමේදී කැබ් රථයේ එක් පැත්තක ගැටී ඉදිරියට ඇදී ගිය බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මූණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ .

ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව තුවාලකරුවන්  කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය අයගේ මෘත ශරීරය කන්තලේ රෝහලේ තබා තිබේ.

බස් රථය අනාරක්ෂිත ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය කියයි. 



අදහස් (3)

අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට

Gihan Monday, 14 April 2025 07:01 PM

පාඩුවේ තමන්ගේ Lane එකේ ගිය ලොරි කාරයවයි කැබ් කාරයවයි හිරේ දැම්මේ නැත්නම් මේ ලංකාව නෙවෙයි. අහක යන උන්ටත් හිරේ යන්න වෙන පුදුම නීති අප්පා.

:       1       14

Prabath Gamage Tuesday, 15 April 2025 08:28 AM

මාවනැල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, බදුල්ල පැත්තේ Drivers ලට වංගු පාරවල්වල හෙමින් ගාට ගාට ගිහින් කෙලින් පාරක් දැක්කාම පැනික් වෙනවා.

:       0       1

Kamal Koyrala Tuesday, 15 April 2025 10:55 AM

මෙවැනි අනතුරුවලට ලක්වන වාහන අසාදුගත කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site