බොරැල්ලේදී වෙඩික්කරුවන්ගේ එල්ලය වරදි බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අද රාත්‍රීයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළද එම පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 July 2025
ශ්‍රී ලංකාව තරඟාවලිය දිනයි තරඟ තුනකින් යුකුත ශ්‍රී ලංකා - බංගලාදේශ එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. ඒ වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ සමත් වූහ. 08 July 2025
ද්විත්ව බදුකරණය වලක්වන්න ඔස්ට්‍රියාව එක්ක සම්මුතියක් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
ලලිත් කුගන් පරීක්ෂණයළි අරඹයි මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 July 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග හිමිවෙන්න ඕනෑ ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට, මෙම වසරේ නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. තමන් ඒ බව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 08 July 2025
නිළි රැජිණට මැතිසභා විවාදයක් ලබන 25 ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය. 08 July 2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 08 July 2025
ක්‍රිකට් සුද්දාට වෙඩි තිබ්බ හිටපු සෙබළා මාට්ටු මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25 වැනිදා රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල කර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 08 July 2025
හොර ඔප්පු සිද්ධියකට නොතාරිස්ට මාංචු රුපියල් කෝටි 3 ක් වටිනා ඉඩමක් කූඨ ලේඛන සාදා එම ඉඩම පවරාගත් බව කියන නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2025
සියලු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උගන්වන්න යයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 July 2025
සංස්කෘතික අරමුදලින් ගසා කෑ අයට වැඩ වරදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
යතුරු පැදිකරුට පහරදුන්නැයි සැරයන්ට වන්දි ගෙවන්න වෙයි බීමත්ව හෙල්මටයක්ද නොපැළඳ යතුරුපැදියක් පදවන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිහි නැතුව ඇඳ වැටෙනතුරු හෙල්මටයෙන් පහරදීමෙන් කළුතර පොලිසියේ සැරයන්වරයකු පාසල් තණනිලි කළමනාකරුවකුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කළුතර පොලිසියේ සැරයන්වරයාටද රුපියල් 30000/-ක් වන්දියක් සහ රුපියල් 25000/-ක නඩු ගාස්තු ගෙවන ලෙස රජයට අද (08) නියෝග කළේය 08 July 2025
ධීවර පනත අලුත් වෙයි ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කොට නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
දහම් පාසල් ගුරුවරුන්ට රජයෙන් දීමනාවක් දහම් පාසල් ගුරුවරුන් සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්ට ඇප රේගුවට හොර රහසේ ආනයනය කළ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයකට නීති විරෝධීව අංක තහඩුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් සිවුදෙනකු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළාය. 08 July 2025
කෝටි පහේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල ගහන්නේ දෙන්නයි රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කර ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා උතුරු මැද පළාත් ආයුරුවේද දෙපාර්තමේන්තුව එම යන්ත්‍ර (finger mark) 9ක් මිලදී ගත්තද ඒවා ප්රායෝජනයට ගන්නේ සේවකයන් දෙදෙනකු බව වාර්තාවේ. 08 July 2025
බූස්ස බන්ධනාගාරය දුරකථන 8 ක් උඩින් පාත්වෙයි බූස්ස බන්ධනාගාරය විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකථන 8ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. 08 July 2025
පකිස්ථාන මහ කොමසාරිස්- සුව ඇමති හමුවක් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි 08 July 2025
අද මහජන ආරක්ෂාව මෙහෙයවන්නේ ඩුබායි රටෙන් මහජන ආරක්ෂාව අද මෙහෙයවන්නේ ඩුබායි රටේ සිටින පාතාලයන් බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 July 2025
අපුරේ නාගරික මන්ත්‍රිවරුන්ගේ දිවා ආහාරය අත්හිටුවයි මහ නගර සභාවේ මාසික රැස්විම සදහා සහභාගි වන නාගරික මන්ත්‍රිවරුන්ට ලබාදුන් දිවා ආහාරය අත්හිටුවිට ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රි අසේල විජේසිංහ මහතා ගෙන ආ යෝජනවා අද (08)දින ඒකමතිව සභා සම්මත විය. 08 July 2025
වගාවෙන් මාටියා ගැසූ රොත්තකට දඩුවම් කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අක්‍රමිකතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බවත් එම අක්රමිකතාවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 July 2025
කරදියාන කසල අංගනයේ ගින්නක් පිළියන්දල කරදියාන කසල අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 08 July 2025
ජයවර්ධනපුර වෛද්‍යවරිය යළි රිමාන්ඩ් රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රෝගීන්ට පාඩුවක් කර තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි කියන සිද්දිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළාය. 08 July 2025
කන්ටේනර් සිද්ධිය පස්සේ මහා මොළකරුවෝ කීප දෙනෙක් කන්ටේනර් 323 ක් පිට කිරීමේ සිද්ධිය පිටිපස මහා මොළකරුවන් කිහිප දෙනෙකු සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවසීය. 08 July 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 08 July 2025
අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි මහමුද් සාලි නලීම් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කෙරුණු අබ්දුල් වාහිද් මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන්නේය. 08 July 2025
නිධන් ගන්න ගිය 5ක් අල්ලයි දෙනියාය ,මෙදේරිපිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක නිධානයක් ගැනීම සඳහා කැණිම් කරමින් සිටි බව කියන පුද්ගලයන් පස් දෙනෙකු ඒ සදහා යොදා ගත් උපකරණ සමග අද (08) අත් අඩංගුවට ගත් බව දෙනියාය පොලීසිය කියයි. 08 July 2025
පොලිසියේ පුටු 28000ක් හිස් පොලිසියේ පුරප්පාඩු 28000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 July 2025
පිරිහුණු සමාජයට කාදිනල් තුමන්ගේ චරිතය පරමාදර්ශයක් පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026