
(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලංකාදීපයට පැවසීය.
ගංවතුරින් පේරාදෙණිය පාලමට විශාල හානියක් වී ඇති බවත් පාලම පිළිසකර කිරීම අද විශාල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය.
පේරාදෙණිය පාලම අලුත් වැඩියා කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාද ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් පේරාදෙණියට ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු පියවර ලෙස එම පාලමේ සිරවී ඇති විවිධ අපද්‍රව්‍ය නාවික හමුදාව යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
දුම්රිය මාර්ගයේ ඉහළ ප්‍රදේශවල දුම්රියන් අටක් පමණ සිරවී ඇති බවත් ඒවා නැවත රැගෙන ඒමට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
කෙසේ වෙතත් එම අභියෝගය භාරගෙන සියලු කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන මහනුවර දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කළේය.
මේ අතර දුම්රිය සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් ගංවතුර විපතට හසුවීම හේතුවෙන් මාර්ග සහ පාලම් පිළිසකර කටයුතු සඳහා සේවකයන් ප්‍රමාණවත් පරිදි යෙදවීමේ ගැටලුවක් මතුව ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සර්, අපේ විපක්ෂ කණ්ඩායමට බාර දෙන්න. ඒ ගොල්ලන් දවස් දෙකෙන් හදා දෙයි. හැබැයි වෙනම සල්ලි ටොන් දෙක තුනක් වෙනම දෙන එක විතරයි කරන්න තියෙන්නේ, සුටුස් ගාලා වැඩේ ඉවර කරලා දෙයි.
උත්සාහ කරමු, මොකද ටුවරිසම්වල ලොකු බරක් අපේ දුම්රිය ගමනට තියෙනවා. ඔබතුමාට පුළුවන් දැන් කරලා තියෙන වැඩ කොටස දැක්කාම...
ඔය දුම්රිය පාලම බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින් වසර 100 කට වඩා ඉහතදී ඉදිකරන ලද්දක්. එය දීර්ඝ කාලයක් පැවැතියේ එය සදා තිබුණි. උසස් ප්‍රමිතිය නිසයි. අද රටේ පවතින ආපදා තත්වය හමුවේ මේ පාලම පිළිසකර කර දීමට බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් සිදු කලොත්, ඔවුන් එයට පිටු නොපාන බවයි මගේ මතය...
කෝ මේ ප්‍රවාහන ඇමැති? ඇයි මේ නියෝජ්‍ය ඇමැතිතුමා පිට ඔක්කෝම පටවලා ඇමැති අයිස් ගහනවාද? එහෙමත් නැත්නම් ඇමැති වැඩේ අල කරයි කියලා ඉහළින්ම කපලා දාලාද?
සම්පූර්ණ මාර්ගයම ජපානය, චීනය වගේ රටකට බාරදෙන්න. පැලැස්තර හරියන්නේ නෑ...
නිශාන් තමුන්ලා කතිරෙ ගහලා බාන් පිටින් පත්කරපු ඇමැති මණ්ඩල නොවෙයි දැන් තියෙන්නේ. වැඩ බෙදාගෙන කරනවා, බේදයක් නැහැ, පරණ කල්ලි කණ්ඩායම්, වරිග සභා ඇමැති මණ්ඩල විදියට මාලිමාවේ ඇමැතිලා ගැන හිතන්න එපා.