ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 23 November 2025
තබ්බෝවේ වාන් දොරටු 8 ක් විවෘත කරයි මහ වැසිත් සමඟ තබ්බෝව ජලාශයෙ ජල මට්ටම ඉහළ යාමෙන් වාන් දොරටු 8 ක් විවෘත කිරීමට කටයුතු කළ බව පුත්තලම වාරි මාර්ග දෙපාර්තුමේන්තුව අද (23) පැවසිය. 23 November 2025
මත් සැකකරුවෝ 1017 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1017 ක් ඊයේ (22) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 23 November 2025
නාය අනතුරු: දිස්ත්‍රික්ක නවයකට රතු එළි දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි 23 November 2025
දැදුරු ඔය අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක් දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු ඇඟවීමක් කරයි . 23 November 2025
කපුවාත් -බිරියත් බැඳ දමා රන් කොල්ල කාලා අගලවත්ත , යටියන , කනත්ත පාරේ පිහිටි ’’ කළු කම්බිලි ’’ දේවාලයට පැමිණි දෙදෙනෙකු දේවාලයේ කපුවා හා බිරිඳ බැඳ දමා කපුවා පැළඳ සිටි රන් මාල 22 ක් හා දේව රූපයට පළඳවා තිබූ රන් මාල 10 ක් ඇතුළු රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ල කා පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මතුගම පොලිසිය කියයි. 23 November 2025
උදැල්ලෙන් පහරදි කතක් ඝාතනය කරලා පොතුවිල් , හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ලාහුගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොතුවිල් පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසිය. 23 November 2025
කඩුගන්නාවෙන් පාර අරින්න දින කීපයක් යාවි කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. 23 November 2025
මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි දිවයින පුරා දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 23 November 2025
ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී අද (22) පැවැති තරගයේදී සත්කාරක පාකිස්තානය කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය. 22 November 2025
කඩුගන්නාවෙන් තවත් සිරුරක් හමුවේ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතය යටව සිටි තවත් අයකු මියගොස් සිටියේදී සොයාගත් බව පොලිසිය කියයි. මේ වන විට මෙම සිද්ධියෙන් හය දෙනකු මියගොස් ඇත. 22 November 2025
කොළඹ-බදුල්ල මඟටත් හල්දුම්මුල්ලෙන් ගල් කුළු වැටෙයි පවතින වර්ෂාව සමඟ අද (22) කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට 179 / 5 බෝක්කු කණුව අසල ප්‍රදේශයේදී ගල් කුළු කඩා වැටීමේ අවදානමක් පවතින බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 22 November 2025
අර්චුනා හඬා වැටෙයි සිය පියා ගැන කතා කරද්දි මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ හඬා වැටුණේය. 22 November 2025
ශ්‍රී ලංකාව ලකුණු 128 යි පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 128ක් රැස්කළේය. 22 November 2025
දෙමළ- මුස්ලිම් පක්ෂ නායකයන්ට ජනපතිගෙන් ඇරැයුමක් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඇරැයුම් කළේය. 22 November 2025
ප්‍රා.ලේ කොට්ඨාස 50 කට නාය අනතුරු පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ. 22 November 2025
සිරිපා සමය අරඹන්න කලින් විදුලි රැහැන් අලුත් කරයි 2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව තකා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආරම්භ කෙරිණි. 22 November 2025
බෙහෙත් මිල තව පහළට ඖෂධ මිල තවත් අඩු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2025
කතානායක සභාපති ’’මන්ත්‍රී තෙල්’’ එපා කියලා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලී වීරසේකර මහත්මිය මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත. 22 November 2025
වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත් කරයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 22 November 2025
අයවැය පැරදුණු පුංචි සභා තිහක් පඹ ගාලක පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක අයවැය පරාද වීම හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 22 November 2025
පැන්ෂන් මන්ත්රීලාට ’’කරුණා දීමනාවක්’’ අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමුවී ඇත. 22 November 2025
කඩුගන්නාවේ කළුගලට යටවූ පහක් මරුට පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 22 November 2025
මැතිසබයේ ’’වෙනසට’’ කෝටි භාගයක බර පැනක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු කමිටු දෙකකට රුපියල් ලක්ෂ පනස්තුනකට ආසන්න මුදලක් (5283749) වැය කර ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ. 22 November 2025
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් වහයි කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බැවින් කොළඹ නුවර මාර්ගයේ ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මහජනතාවට දැනුම් දෙයි. 22 November 2025
කළුගල් කඩා වැටී කඩුගන්නාවෙන් පාර වැහේ මහනුවර පහළ කඩුගන්නාවේදී විශාල කළුගලක් සහ පස් කන්දක් කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් වෙළඳසැල් සහ වාහන කිහිපයකට හානිසිදු වී ඇතැයි පොලීසිය කියයි. 22 November 2025
පදියතලාව ප්‍රා. සභා අයවැය දෙවන වරටත් පරාදයි ජාතික ජනබලවේග පාලනය යටතේ පවතින පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවෙනි වරටත් පරාජය විය. 22 November 2025
ත්‍රිරෝද රියක් තුළ මළසිරුරක් තුවාල සහිතව සැක කටයුතු ලෙස ත්‍රීරෝද රථයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් මහරගම, ගම්මාන පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රිය සොයාගත් බව මහරගම පොලිසිය පවසයි. 22 November 2025
ගිංගඟ පිටාර ගලයි නාවික හමුදාව සීරුවෙන් ගිංගඟ පෝෂණ කලාපවලට සිකුරාදා 21) රාත්‍රීයේ ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාරගලා නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 22 November 2025
වැස්ස අද වැඩි වේ දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 22 November 2025
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026