පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන් අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 05 August 2025
අනුරාධපුරයට නාගරික උද්‍යානයක් අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. 05 August 2025
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි ධූරකාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. 05 August 2025
දියේ ගිලී තරුණයෙක් මරුට තලවකැලේ ළිදුල ලෝගි වතුයායේ වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මියගෙස් ඇතැයි ළිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 05 August 2025
ටිකට් නොදෙන කොන්දොස්තරලාට දැඩි දඬුවම් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ මහතා පැවසීය. 05 August 2025
වෛද්‍යවරයාගේ බෑගයේ උණ්ඩ සහිත පතුරොම් ගැබක් ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ බෑගයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 8 ක් සහිත පතුරන් ගැබක් සොයා ගත් බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. 05 August 2025
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 August 2025
සූදූ ක්‍රීඩා කළ ඉන්දීය තරුණියන් තුනක ඇතුළු 20ක් මාට්ටු අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුණු ඉන්දීය ජාතික තරුණියන තිදෙනකු ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 05 August 2025
පොහොට්ටුවේ කට්ටියක් නාමල් එක්ක සාකච්ඡා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. 05 August 2025
දේශබන්දු නෙරපන විවාදය අද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 05 August 2025
දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය. 05 August 2025
ඇමෙරිකා බෞද්ධ දූත පිරිස අගමැතිනිය හමුවෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුමට ශ්‍රී ලංකාවේ සහාය පළකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇමෙරිකා බෞද්ධ දූත පිරිස හමුවේ පැවසුවාය. 04 August 2025
ප්රජාතන්ත්රවාදී යෞවන සමාජ නිලවරණ පැවැත්වුවා දිස්ත්‍රික් යෞවන සමාජ බලමණ්ඩලවලට ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයට රහස් ඡන්ද පවත්වා තරුණ තරුණියන් පත්කිරීමට කටයුතු කළ බවත් වැලේවැල් නැති විපක්ෂය ඒ පිළිබඳව වෙනත් මතයක් නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (4) පැවසීය. 04 August 2025
නීතී විරෝධීව ගෙනා ඖෂධ - එන්නත් තොගයක් අල්ලයි නීතී විරෝධීව තීරු බදු රහිතව මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මිළ කළ නොහැකි වටිනාකමින් යුතු ඖෂධ හා එන්නත් විශාල තොගයක්, කල්පිටිය කන්ද කුලිය මුනේ දූපතේ වසා දමන ලද මා දැල් වාඩියක ගබඩා කර තිබියදී කල්පිටිය පොලිසිය විසින් අද (4) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 04 August 2025
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් මාට්ටු මිනුවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ සිදුකල හදිසි වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අපරාධ සදහා භාවිතා කළ බවට සැකකෙරෙන යතුරු පැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි. 04 August 2025
මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළදී නගරයේ සියලු වීදි වැසී යන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කොට ඇති බව පොලිසිය කියයි. 04 August 2025
සජබ මන්ත්‍රීගේ සූදු පොළ වටලයි ඉපලෝගම ප්‍රාදේශීය සභා සභිකයකු පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලු පොලිසිය ප්‍රාදේශීය සභා සභීකයකු ඇතුලු පුද්ගලයන් 15 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. 04 August 2025
පොලිස් නිලධාරීන් 35කට ස්ථාන මාරු පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 ක් උදෙසා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 04 August 2025
ටෝනර් සොරා ගත් පොලිස් කොමිෂන් කාකාසට ඇප ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමන් යුත් ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගත් බව කියන කාර්යාල සහායකයකට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (4)නියෝග කළාය. 04 August 2025
හොඳ ආර්ථිකයක පළමු පියවර දේශීය ගොවියා රැකීමයි සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පළමු පියවර විය යුත්තේ දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 04 August 2025
පසුගිය මාස 4ට ත්‍රිවිධ හමුදා සෙබළු 3504ක් අත්අඩංගුවට සක්‍රීය සේවයේ යෙදී සිටියදී නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සෙබළුන් 3504ක් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට පෙරේදා 3 දක්වා මාස 4 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ෆ්රැන්ක්ලින් ජෝශප් මහතා පැවැසීය. 04 August 2025
හිටපු ජනපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා ගෙන් පැය හයක් ප්‍රශ්න කරයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 04 August 2025
සෞඛ්‍යයට කාටත් සමාන ඉඩක් දෙන ප්‍රතිපත්තියක් එළි දකියි “සාර්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය” සහ “සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය. 04 August 2025
සමාගම් පනතට කථානායක සහතිකය සමාගම් (සංශෝධන) පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය. 04 August 2025
උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින් කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ. 04 August 2025
අර්චුනා CIDයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 04 August 2025
ඉන්දුනීසියා තානාපති කෘෂි ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියන් තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය( Dewi Gustina Tobing ) සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී සිදු විය. 04 August 2025
ගණිකා නිවාසයක් වටලා 5ක් අල්ලයි මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් සුරූපී කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු ඊයේ (03) දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි . 04 August 2025
හැඳුනුම්පත් 8ක් සමඟ අයෙක් මාට්ටු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 08ක් තබාගත් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි. 04 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026