කෘෂිකර්ම ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලවල විදෙස් නිවාඩු අත්හිටුවයි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 20 August 2025
ලංකාවේ පවුල් වලින් 71%ක් ඉන්නේ ආධාර මානසිකත්වයේ ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය. 20 August 2025
කොඩිකාමම්හි කැණිමකින් ගුවන්යානා උණ්ඩ 1393 ක් මතුවෙයි කොඩිකාමම් වරණි ප්‍රදේශයේ සිදු කළ කැණීමකදී 12.7 වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩ 1393 ක් සොයා ගත් බව වරනි පොලිසිය පවසයි. 20 August 2025
වට්ටුවාකල් පාලම හදන කොන්ත්‍රාත්තුව දෙයි පරන්තන් - කරච්චි - මුලතිව් (A035) මාර්ගයේ වට්ටුවාකල් පාලම යළි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
රිය අනතුරින් දෙදරු පියා මරුට පාදුක්ක - හොරණ මාර්ගයේ නගරය ආසන්නයේ දී යතුරුපැදියක සහ ටිපර් ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියෙහි ගමන් ගත් 68 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 20 August 2025
ජනපති තැපෑල ගැන කතා කරයි තැපැල් සේවාව වර්තමානයට ගැලපෙන අන්දමින් යාවත්කාලීන කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 20 August 2025
හිටපු පා.ම. ගේ ඉඩමක පීඩන බෝම්බයක් උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහී පාල හේරත් මහතාට අයත් බව කියන තලේමන්නාරම ඉඩමක තිබී පීඩන බෝම්බයක් සොයාගෙන ඇත. 20 August 2025
සූදූ නියාමන පනත සම්මතවෙයි සූදු නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. 20 August 2025
යාපනය එයාර් පෝර්ට් එකත් වසර පහට කෝටි 82ක් ගිලලා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර පහේදී රුපියල් කෝටි අසූ දෙකකට වැඩි පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 20 August 2025
ලන්දේසි යුගයේ පාරක් මාතර කොටුවෙන් මතු වේ මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා පවසයි. 18 August 2025
‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘ සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 18 August 2025
මධ්‍යම අධිවේගය අවසන් කරන්න ජනපති කැබිනට්ටුවෙන් අනුමැතිය ඉල්ලයි මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට සමාන යුවාන් ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙනම ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 18 August 2025
වැස්ස ගැන කාලගුනය කියු අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ. 18 August 2025
වන අලි පහර දී තිදෙනෙක් රෝහලේ අගුණකොළපෑලැස්ස හඳුන්කටුව ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති වන අලින් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තිදෙනකු රෝහල්ගත කළ බව හුංගම පොලිසිය පවසයි. 18 August 2025
නියෝජ්‍ය පොලිස්පති බිරියට නිදන් ගන්න කුකුලාත් පොලිසියෙන්ම දෙයි පුරාවස්තු වටිනාකමින් යුත් දේවාලක් පිහිටි නිවසක් තුළ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුලකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලිසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2025
නීතිය රකින්න විධිමත් වැඩපිළිවෙළක් රටේ පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. 17 August 2025
තැපෑල වර්ජනයක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයෝ අද (17) පස්වරු 4.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ. 17 August 2025
පාසල් තෙවන වාරය හෙට ඇරැඹේ “2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට(18) ආරම්භ වේ. 17 August 2025
රත්වත්තේ සැමට සමුදේ අභවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතුු අද සවස නිත්තවෙල පිහිටි රත්වත්තේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි. 17 August 2025
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තහනම් බඩු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී උල් පිහියක් ජංගම දුරකතන රැසක් , ඇතුළු තහනම් භාණ්ඩ කීපයක් සොයා ගැනීමට හැකි වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි 17 August 2025
ව්‍යවස්ථාවේ හිලක්: වරද හදන්න මැකෝ ජනපති ලේකම්ට දන්වයි ජනාධිපති ධූරයේ සහ පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ ඇති කාරණයක් ඉංග්‍රීසි පරිවර්තනයේ (83 B) වැරදි ආකාරයට සටහන්වී ඇති හෙයින් ජනාධිපතිවරයා වහා දැනුවත් කර එම වරද නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත. 17 August 2025
හිටපු ඇමැති මනූෂ 20 එෆ්සීඅයිඩියට කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලබන (20) මූල්‍ය අපරාධ විමර්ශන දිශාවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 17 August 2025
ට්‍රම්ප් පුටින් හමුවේ රහස් ලියවිල්ලක් එළියට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පසුගිය 15 වැනිදා ඇලස්කාවේ ඇන්කරේජ් නුවර එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 17 August 2025
කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න යයි ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කරන බව මිල්කෝ සමාගමේ සභාපති වී.ජී.එච් ගෝඨාභය මහතා පැවසීය. 17 August 2025
අපරාධ රැල්ල මඬින්න විධිමත්ව කටයුතු කරනවා රටේ පවතින අපරාධ රැල්ල මර්දනය කිරීම සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවගේද ජනතාවගේ ද සහායගනිමින් ඉදිරියේදී විධිමත්ව කටයුතු කරන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. 17 August 2025
දියතලාව රෝහල ඒ ශ්‍රේණියට සංචාරයක ක්ෂේත්රයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා දියතලාව මුලික රෝහල ඒ මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 August 2025
අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ දෙපැත්තක දේශපාලනය කළත් අප අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය. 17 August 2025
විදුලිසැර වැදී තරුණයෙක් මරුට යාපනය, අරුකාල්මඩම් හි යතුරුපැදි අලුත්වැඩියාකිරීමේ ස්ථානයක සේවයකළ 17 හැවිරිදි තරුණයකු විදුලිසැර වැදී ඊයේ (16) සවස මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. 17 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026