මහවැලි ඉංජිනේරුවා මුව මස් අදිද්දී මාට්ටු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 21 August 2025
පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (21) පැවැත්විණි. 21 August 2025
සෝමරත්න දිසානායන ලෙස පෙනී සිටි තැපැල් සේවකයාට ඇප ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායන මහතා ලෙස පෙනී සිට චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගනයට අවස්ථාව ලබා දෙන බව පවසමින් තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කර මුදල්ද වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොල්ගහවෙල තැපැල් සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය (21) නියෝග කළාය. 21 August 2025
දේශබන්දු රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති ධූරයෙන් පහකල දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය. 21 August 2025
බස්නාහිරට විදෙස් රැකියා පොළක් එයි බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රැකියා පොළක් පවත්වන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ. 21 August 2025
ඇතැමුන්ගේ වැඩ නිසා සෞඛ්‍ය ගැන පැහැදීම නැතිවෙලා මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සමහර කණ්ඩායම් වල ක්‍රියාකලාපය නිසා ජනතාව තුළ පැහැදීම නැතිවී තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 August 2025
හේෂා නඩුවකින් නිදහස් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය. 21 August 2025
වස්ගමුවේ පතල් හැරූ13ක් අත්අඩංගුවට වස්ගමුව ජාතික උද්‍යානයේ පතල් කැණිම් කළ පුද්ගලයින් 13ක් වනජීවී අත්අඩංගුවට ගත් බව වනජිවි සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 21 August 2025
‘ඕටී’-‘ෆින්ගර් ෆ්‍රින්ට්’ පිළිගෙන ආවොත් කතාවට සූදානම් වැඩි කළ අතිකාල සහ ඇගිලි සලකුණ පිළිගෙන පැමිණියහොත් තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 August 2025
යාපනයේ පාසල් 14ක සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට යාපනයේ පාසල් 14ක සිසු සිසුවියන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය. 21 August 2025
ජනපති හිමිකම් කපන පනතට පෙත්සම් තුනක් කථානායකට “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබුණු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 August 2025
කාදිනල් -ජනපති හමුවක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 21 August 2025
ශ්‍රී ලංකන් දූෂණ හොයන කමිටුව ජනතා පැමිණිලි බාර ගැනීම අරඹයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ. 21 August 2025
ඩයනාට වරෙන්තු ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21) වරෙන්තු නිකුත් කළාය. 21 August 2025
තරුණ නායකයෝ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජික සාමාජිකාවන්ට තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් විශේෂ ඇගයීමක් කළේය. 21 August 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිය රැකගන්න හයක් උසාවියේ හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත. 21 August 2025
අරුණගේ විශ්වාසභංගය ගැන අද තීරණයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද(21) අවසන් තීරණයක් ගැනීමට නියමිතය. 21 August 2025
පාස්කු මහමොළකරු එක්ක කාටවත් සටන් බෑ පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහමොළකරු කවුරුත් දන්නා නමුත් ඔහු සමග සටන් කිරීමට කිසිවකුටත් නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 August 2025
ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී? මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ නිවැරදි කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති හෙයින් එම ඉංග්‍රීසි පරිවර්තනය අධිකරණමය කටයුතුවලදී යොදා ගැනීම වැළැක්වීමට තම නීතිඥවරුන්ට වහාම උපදෙස් දෙන්නැයි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඊයේ (20) ලිඛිතව ඉල්ලීමක් කළේය. 21 August 2025
බොරැල්ලේ පාරක ගිලා බැසීමක් බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථ වාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 21 August 2025
එස් අයි ගේ බැංකු ගිණුමෙන් මුදල් ඇද්ද එස් අයි මාට්ටු කිලිනොච්චිය, අරවියෙල් නගර් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිම්පතක් සොරාගෙන බැංකු ගිණුමකින් සහ ණය කාඩ් පතකින් රු. 138,472 ක මුදල් ලබාගත් බව කියන එම කඳවුරේම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 21 August 2025
කාලගුණයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. 21 August 2025
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වර්ජනයක බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද උදෑසන 8.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණය වී තිබේ. 21 August 2025
සිංගප්පූරු ජාතිකයාගෙන් ජරාව කෑ පොලිසියේ දෙකක් මාට්ටු සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම් වැටි දෙකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි පවසා රුපියල් 40000/= ක ඉල්ලා එයින් රුපියල් 30000/= ක මුදලක් ලබාගත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 21 August 2025
පාර්ලිමේන්තුවේ ලොක්කන් තුනකට හොර පාරෙන් වාහන පර්මිට් ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 21 August 2025
ගොවි ගැටලුවලට විසැඳුම් දෙන්න පිරිසක් ගම්වලට බස්සයි කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවා එම ගම්මාන වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ගැටලු අවම කිරීම, කෘෂි නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, කෘෂි භෝග පිලිබඳව සන්නාමයක් ඇති කිරීම තුළින් මෙම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම මූලික අරමුණු බව ගන්නොරුව කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ උදාරි ශෂිකලා මහත්මිය බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැසුවාය. 21 August 2025
හෝමාගම ප්‍රා.මන්ත්‍රීට වෙඩි තැබූ හිටපු සෙබලා අල්ලයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන් කොටුව මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 21 August 2025
නියෝජ්‍ය පොලිස්පති බිරියගේ නිධන් සිද්දිය සී.අයි.ඩියට අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක් තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන් පිරිසක් නිදන් වස්තූන් ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීම සම්බන්ධ සියලු විමර්ශන වාහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට පවරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාට අද නියෝග කළේය. 20 August 2025
අහිංසක මවකගේ කෝටි 9ක ලොතරැයි දිනුමට විද්ද තිදෙනෙක් මාට්ටු ලොතරැයි පතකින් වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ලොතරැයි අලෙවි නියෝජිතවරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 20 August 2025
’’ මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්’’ ’’ මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්’’ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 August 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026