
(සුජිත් හේවාජුලිගේ)
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ පැමිණිලි කිරීමට යන්නේඅන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලටය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩ කර ඇති බව එම පැමිණිලිවල සඳහන් වන බව දැනගන්නට ඇත.
දිවයිනේ සිටින ප්‍රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් කුලරත්න මහතා වෙනුවෙන්මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව දැනගන්නට ඇත.
ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටද එම නීතිඥ පිරිස කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දෙනවා නම් ඕනෑම අපරාධකාරයෙක්ගේ ඕනෑම අපරාධයකට කැත නැතුව කර ගහන්න ලංකාවේ කළු කෝට් ඇද ගත්ත තක්කඩි රැලක් ඉන්නවා. ඒකට එවුන් කියන්නේ හැමටම නීතිඥයකු ගේ සේවය ලබා ගන්න අයිතියක් තියෙනවා කියලා.
කරන කලට පව් ..... දැන් විඳින කල