
(සුජිත් හේවාජුලිගේ)
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ පැමිණිලි කිරීමට යන්නේඅන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලටය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩ කර ඇති බව එම පැමිණිලිවල සඳහන් වන බව දැනගන්නට ඇත.
දිවයිනේ සිටින ප්රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් කුලරත්න මහතා වෙනුවෙන්මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව දැනගන්නට ඇත.
ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටද එම නීතිඥ පිරිස කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දෙනවා නම් ඕනෑම අපරාධකාරයෙක්ගේ ඕනෑම අපරාධයකට කැත නැතුව කර ගහන්න ලංකාවේ කළු කෝට් ඇද ගත්ත තක්කඩි රැලක් ඉන්නවා. ඒකට එවුන් කියන්නේ හැමටම නීතිඥයකු ගේ සේවය ලබා ගන්න අයිතියක් තියෙනවා කියලා.
මේ කුණු උද්දච්ච ජෙප්පො හත් පලේ ගාගන්නවා...කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා...
කරන කලට පව් ..... දැන් විඳින කල
ඒ නියෝජ්‍ය මහලේකම් තුමාට ඇස් පේනවා කියාලාලු නේද වැඩ තහනම් කරලා තියෙන්නේ...
මොවුන්ගේ ඔක්කොම ඔලු තියෙන්නේ පිට රට... හොර සහතික පත්වීම් අරගෙන තව ලොකු කතා.
ඉතින් ඇයි ලෝකයටම කියන්නේ? ඉස්සෙල්ලාම මෙහෙ නඩුවක් දාලා ඒකෙන් ඔබතුමාට සාධාරණයක් වුණේ නැත්නම් ගියොත් හරි...
තමන්ගෙ අඩුව වහගන්න කරන වැඩ නිසා හත්පොළේ ගාගන්නෙ මේ මනුස්සයාමයි. තමන් පත්වෙච්චි සම්මුඛ පරීක්ෂණයෙ හිටියේ දේශපාලඥයො විතරයි, නොදරපු තනතුරු දැරුවා කියලා ඉන්ටවිව් එකේදි ලකුණු ගත්තා. පරීක්ෂණ කමිටුවකින් මිසක් වැඩ තහනම් කලේ කතානායන නොවෙයි, ඒ ලිපිය අත්සන් කලේ මහලේකම් තුමිය මිස කතානායක නොවෙයි.
සල්ලි තියෙනව නම් නීතීඥ මණ්ඩල නෙවෙයි ඊට වඩා ගෙන්වන්න පුළුවන් ඒවට කව්ද බය කරුණු විමසීමක් නැහැ කීවට එයාට අවශ්‍ය සේරම ලේඛන දෙන්න කියල තියෙනව, ඒව දෙන්න බැරි වෙලා, ඒකයි වැඩ තහනම
බොරු කරේ නැත්නම් මොකුත් නෑනේ. දැන් ඉතින් හතර අතටම පැමිණිලි.
වැඩක් නොකර ලෝකෙ වටේ පාර්ලිමේන්තුව ගානේ සවාරි යන එකලු මෙයාගේ ගේ වැඩේ