(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විශ්ව විද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කරන්නට කටයුතු කරනවාද යන ගැටළුව තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාපියන්ට දරුවන් වෙත දිය හැකි ලොකුම වස්තුව අධ්‍යාපනයයි.අධ්‍යාපනය තුළින් ලෝකය ජයගන්න පුළුවන්.විශ්ව විද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කරන්නට ආණ්ඩුව කටයුතු කරනවාද යන ගැටළුව අප හමුවේ තිබෙනවා.විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කරගෙන දරුවන්ට නිර්දේශපාලනීකරණය වූ විශ්වවිද්‍යාල පද්ධතියක ඉගෙන ගැනීමට අවකාශය ලබාදීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා.පීඨාධිපති පත් කිරීම, අංශාධිපති පත්කිරීම,එම තනතුරු වලින්  ඉවත් කිරීම් ආදී කාරණා පාලක සභාවටත් උපකුලපතිවරයාටත් පැවරෙනවා.පාලක සභාවට විශ්ව විද්‍යාලයෙන් පිට කණ්ඩායම් ඇතුළත් කිරීම තුළින් ඒ අය දේශපාලනීකරණයකට ලක් විය හැකි යැයි පූර්ව නිගමනයකට පැමිණිය හැකියි.උප කුලපති පත් කෙරෙන්නේ ජනාධිපති හරහායි.මේ වෙලාවේ සියලුම ආයතන දේශපාලනීකරණය වෙමින් පවතිනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.