
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හිංසන සිද්ධිය පිළිබඳ පැවැත් වූ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව මන්ත්‍රීවරුන්ට තවමත් බාර දී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය
අද කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව රැස්වෙනවා. ඒ හිංසන සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාව අපිට එවලා නැහැ. සම්පූර්ණ වාර්තාව එවන්නේ නැතුව කොහොමද අපි ඒ කරුණු කාරණා කතා කරන්නේ . මේ වගේ සිද්ධි ගැන අපි සංවේදී වෙන්න ඕන.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා;
මේක සභා ගත කළාට පස්සේ අපිට තීරණයක් ගන්න පුළුවන්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා;
අපි ඒ වාර්තාව අධ්‍යයනය කරන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මේ.. සජිත් මහත්තයාට තියෙන බරපතල ප්‍රශ්න!