තිසර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 03 May 2021
ලංගම දුරගමන් සේවා සීමා කරයි මගී ජනතාවගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා බස් රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2021
කොරෝනා නම් 1906ට කියන්න නිවෙසෙ කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතා දැනුම් දෙන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2021
ත්‍රිරෝද රථ තොරතුරුත් අන්තර් ජාලයට අපරාධ වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් දිවයිනේ සියළුම තී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක් සකස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 03 May 2021
ගම්පහ කොරෝනා උඩු දුවයි ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 03 May 2021
දක්ෂිණ අධිවේගයේ සේවකයෝ 17කට කොරෝනා කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ,කඩුවෙල සහ අතුරුගිරිය අන්තර් හුවමාරුවන්හි සේවකයන්17දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම අන්තර් හුවමාරුවන්හි කටයුතු අඩපණවීමෙන් ඒ මාර්ගයේ ගමන් ගත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්වූහ . 03 May 2021
දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල අද (03) පෙරවරුවේ ලකුණු 209 කින් ජය ලැබීමට සමත් විය. 03 May 2021
අන්තර්ජාලයෙන් ත්‍රස්තවාදය පතුරුවා අමාරුවේ වැටේ අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් සිටි පුද්ගලයකු එරාවූර් වෙංකලාඩි ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 May 2021
තවත් ප්‍රදේශ හයක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ තවත් ප්‍රදේශ හයක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2021
දක්ෂිණ අධිවේගයේ “ඉමදූව“ හුවමාරුවෙත් දෙදෙනෙකුට කොරෝනා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බැව් ඉමදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 03 May 2021
සැර ප්‍රභේද සොයන්න තවත් සාම්පල් 90 ජ‘පුරට විකෘති සැර වෛරස ප්‍රභේද ඇත්දැයි සෙවීමට කොරෝනා ආසාදිතයන්ගේ තවත් ජෛව පටල සාම්පල 90ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 03 May 2021
කොරෝනා මරණ තව නවයක් වාර්තා වෙයි කොරෝනා මරණ තවත් 9ක් අද වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තහවුරු කර ඇති. ඒ් අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 696 දක්වා ඉහළ ගියේය. 02 May 2021
පී.සී.ආර්. ප්‍රමාදයට අඟුණකොලේ රැඳවියෝ විරෝධය පළ කරති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාදයට විරෝධය දක්වමින් අද පස්වරුවේ විරෝධතාවක් දැක්වීම නිසා එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්වයක් ඇතිවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 02 May 2021
‘සත්කාර පියස’ සම්මුඛ පරීක්ෂණ දින නියමය් නැතිව කල් යයි විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා හෙට (3) පැවැත්වීමට නියමිතව තිබූ ‘සත්කාර පියස’ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල්දැමූ බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී ඩයස් මහතා පවසයි. 02 May 2021
කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 02 May 2021
ආසාදිතයෝ අද 1800 පසු කරති කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 615 දෙනකු අද (2) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1843 ක් දක්වා ඉහළ ගියේය. 02 May 2021
ආයුර්වේද රෝහලුත් කොරෝනා ප්‍රතිකාර අරඹයි රටපුරා ආයුර්වේද රෝහල් ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට රජයේ අනුමැතිය හිමි වී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන සහ ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි . 02 May 2021
නුවරඑළිය පොලිසියේ පහකට කොරෝනා නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ එහි රථවාහන අංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 02 May 2021
මෙරටට එන ගුවන් යානාවල මගීන් සීමා කරයි විදේශ රටක සිට මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. ‘ 02 May 2021
පාසල් 171ක ප්‍රධාන පුටු හිස් රටපුරා පාසල් 171ක විදුහල්පති පුරප්පාඩු පවතින අතර එම පුරප්පාඩු සම්පූර්ණ කරමින් එම පාසල්වලට ස්ථීර විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 02 May 2021
තමිල්නාඩුවේ බල පෙරළියක් වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය සමත්ව ඇත. 02 May 2021
උප කුලපති තනතුරට යැවූ නම් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර සඳහා එහි පාලක සභාව මගින් ජනාධිපති කාර්යාලයට යවා ඇති මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙයි. 02 May 2021
පළමු වටයේදී ආසාදිතයෝ 1228ක් හඳුනා ගැනෙති කොවිඩ් ආසාදිතයින් තවත් 1,228ක් අද (2) වාර්තා විය ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 111,090 කි. 02 May 2021
ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම අතර කොවිඞ් අරමුදල තරකර ගැනීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය දින නියමයක් නොමැතිව කල්දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 02 May 2021
ඉන්දියාවෙන් මෙහෙට පැන සැඟවුණු කත අල්ලයි ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා මගින් පැමිණි කන්ඩායමේන් පැනගිය බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 02 May 2021
ලක් කතකට ඊශ්‍රායලයේදී පහර දෙන වීඩියෝවක් අන්තර් ජාලයේ සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ්‍රායල් ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මඟ පෙරලාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තවකැයි මේ වනවිට හෙළීවී තිබේ. 02 May 2021
පාර්ලිමේන්තුව වටා දියවන්නාව මඩවලින් පිරිලා පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ පතුල මඩවලින් පිරී ඇතැයි ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත. 02 May 2021
උපුල් තරංගටත් කොරෝනා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අඟහරුවාද පැවැත්වීමට නියමිත ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල අතර ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රේෂ්ඨයන්ගේ පිලේ සාමාජික උපුල් තරංග ‘කොවිඞ්’ ආසාදිතයකු යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. 02 May 2021
‘‘අපට වඩා ගැලපෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි‘‘ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නතක් යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පවසයි. 02 May 2021
පෞද්ගලික බැංකුවක ගිණුමකින් ලක්ෂ 430ක් වංචා කරළා ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගමකට අයත් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පුද්ගලයන් හතර දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 02 May 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026