
(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
සංචරණ සීමා නීති කඩ කරමින් අත්තනගල්ල නගරයේ අන්නාසි වත්තකින් අන්නාඩි ගෙඩි 350ක් කපා ඡංගම සේවයේ යෙදෙමින් එම අන්නාසි අලෙවි කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
අන්නාසි කොටුවෙන් කැඩූ එම අන්නාසි ත්‍රිරෝද රථ දෙකක දමාගෙන ප්‍රදේශයෙන් බැහැරව පලතුරු වෙළෙඳුන් ලෙස පෙනී සිට ඉතා අඩු මිලට එම ගෙඩි 300ක් පමණ අලෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකරුවන් අත්තනගල්ල හල්පාදෙණියේ පදිංචි කරුවන් බවත් සෙසු පිරිස වැල්ලම්පිටියේ පදිංචි කරුවන් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වගකියන්න ඕනෑ රට වහන්න උඩගෙඩි දීපු අය.. ඕක තිබුණා නම් නරක්වෙලා යනවා. ගහටත් නෑ. බඩටත් නෑ.
මිනිස්සුන්ට ජීවන මාර්ගයක් නැති හින්දා තමයි මෙවැනි දේවල් වෙන්නේ..!!!