නා උයනනේ අනතුර ගැන කතෝලික සම්මේලනයෙන් ශෝක පණිවුඩයක් කුරුණෑගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමියේදී හදිසි අනතුරකට ලක්ව භික්ෂූන්වහන්සේ හත් නමක් අපවත්වීම පිළිබඳව සංඝරත්නයට සහ ශ්‍රී ලංකාවාසී සමස්ත බොදු ජනතාවට සංවේගය පළකරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 26 September 2025
’’ආණ්ඩුවේ ප්‍රතිපත්ති’’ ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුල් මාස හය තුළ ක්‍රියාත්මක වීම ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් විය හැකි බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹදී පැවසීය. 26 September 2025
ලංගම ඩිපෝවල ලොක්කෝ පොඩ්ඩෝ උදේ ඉදන් සූර් වෙලා සමහර ලංගම ඩිපෝවල ලොක්කන් සේවකයන් උදේ එකොළහේ සිට සිටින්නේ සූර්වී බව බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 September 2025
රාමඤ්ඤ නිකායේ විහාරවල කහ කොඩි ඔසවන්න මැල්සිරිපුර, පන්සියගම නායඋයන ආරණ්‍ය සේනාසනයේදී හදිසි අනතුරකට පත්ව අපවත්වූ ස්වාමීන්වහන්සේට සංවේගය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස එම නිකාය ඉල්ලා සිටියි. 26 September 2025
අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට ලබන වර්ෂය(2026) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කරනු ලැබීය. 26 September 2025
මුජිබර්ගේ ප්‍රශ්නෙන් මැතිසබේ රත්වෙයි අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ ලේකම්වරයා ලෙස වැඩ කර ඇති අයෙකු බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවේදී අද (26) උණුසුම් සංවාදයක් ඇතිවිය. 26 September 2025
වාහන 3ක් එකිනෙක ගැටී 11ක් රෝහලට බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ලොරියක්, වෑන් රථයක් සහ තීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා රෝහල්ගතව ඇතැයි බණ්ඩාරගම පොලිසියය කියයි 26 September 2025
සම්පත් මනම්පේරිට දින 90ක රැඳවුම් නියෝග මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කොන්ටේනර් දෙකක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි සම්පත් මනම්පේරි උතුර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය අවසර දෙනු ලැබීය. 26 September 2025
කෝප් සිවුවැනි හෙළිදරව්ව මෙන්න පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සිව්වෙනි වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 26 September 2025
දොස්තරලා දැන් බයට බේත් ලියන්නේ නෑ වර්තමානයේ රෝහල් වල බෙහෙත් නැති වුනත් දොස්තරලා ඒ බෙහෙත් පිටින් ගන්නට කියා ලියා දෙන්නේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා :-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 September 2025
‘කුෂ්‘ සමඟ ගුවන් මගියා මාට්ටු රුපියල් හතලිස් එක් ලක්ෂ අසූ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 September 2025
රංග දිසානායක ගැන ඇත්ත කියන්න අල්ලස් කොමිසමේ රංග දිසානායක ජේ.වී.පී. නීති කමිටුවේ සිටි බවට නන්දන ගුණතිලක කළ ප්‍රකාශය ගැන ආණ්ඩුව උත්තර දිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 September 2025
’’අපි තවත් ඉවසන්නේ නෑ’’ තවදුරටත් මඩ ගැහීම ඉවසන්නේ නැති බව පොදුජන පෙරමුණ තීරණය කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 September 2025
පද්මේගේ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් හමුවෙයි පාතාල කල්ලි සාමාජික ’කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් ගිනි අවි සහ යුද හමුදා නිල ඇඳුමට සමාන කට්ටලයක් අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ ආසන්නයේ බස් නැවතුමක් පිටුපස කසල ගොඩක් අසල බෑගයක දමා තිබියදී සොයා ගත් බව පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසය කියයි. 26 September 2025
දැන් තෝරු-මෝරු අහුවෙන කාලේ දැන් හාල්මැස්සො නොව තෝරු මෝරු අහුවෙන කාලය බවමහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 September 2025
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්ට නොතීසි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලබන 02 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වරයාට නොතීසි නිකුත් කරමින් අද (26)නියෝග කළේය. 26 September 2025
දුම්වැටි ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 September 2025
ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ් හතක් ආසියා සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 7 ක් ලබා දී ඇත. 26 September 2025
ගැබිනි මව් සායනයට යන මුවාවෙන් ‘අයිස් ‘විකුණලා ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවලතබා යන අඹුසැමි යුවලක් (26) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය. 26 September 2025
ජනපති ජපානෙට එක්සත් ජනපද සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත් විය. 26 September 2025
වැඩ කරන රාජ්‍ය සේවයක් අනිවාර්යයෙන් හදනවා රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කරන ඉතාම හොඳ රාජ්‍ය සේවයක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරන බව කෝප් කමිටු සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 September 2025
ඖෂධ- ආහාර හොඳ නරක බලන්න පරීක්ෂණාගාරයක් ඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්රයන්ට අදාලව ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 September 2025
වැඩිමිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ඇප නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කර සිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්ෂවරුන් හත්දෙනෙකු ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ශර්මිලා සහබ්දීන් මහත්මිය නඩුව යළි කැඳවන නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (26) වැනිදා නියම කළාය. 26 September 2025
ජනපති මැඳුරු 8ක නඩත්තුවට කෝටි 8කට වැඩි වියදමක් කරලා ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වසරේ (2024) රුපියල් 80,154,422ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත. 26 September 2025
’’2019 රට තිබූ තැනට ලබන අවුරුද්දේ යන්න පුළුවන්’’ ශ්‍රී ලංකාව 2019 තිබූ ආර්ථිකයට ලබන වසරේදී ළඟා වීමට හැකි යැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ශ්‍රී ලාංකික හමුවකදී පැවසීය. 26 September 2025
ඖෂධ සැපයුම්කරුවන්ගෙන් සංස්ථාවට මිලියන ගණනක පාඩුවක් වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරණු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමඟ රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. 26 September 2025
පළාත් කිපයකට තද වැසි දිවයිනේ නිරති දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි 24 පැය තුළත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 September 2025
ජනපති-එ’ජා මහලේකම් හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී 25 වෙනිදා පස්වරුවේ පැවැත්විණි. 26 September 2025
කුකුළු ලොරියක අලියකු හැපිලා කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්‍රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි. 26 September 2025
උසාවි නියෝග මායිම් නොකළ සමාගමට එරෙහිව පියවර ගන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමට අධිකරණය කළ හැකි උපරිම දේ සිදු කළ බවත් වන්දි අයකර ගැනීමට පියවර ගැනීම විධායකයේ කටයුත්තක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේදී අද 25 පැවසීය. 25 September 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026