( කේ බුද්ධික කුමාරසිරි)
නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (11) දින සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බියගම පහල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
එලෙස නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන බියගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන්ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහන වලට මුදල් ලබාදී එම රථවල ටැංකි වලින් ඩීසල් ලබා ගෙන ඔවුන් විසින් සකස්කර ඇති ටැංකි වලට ගබඩා කර විකිණීම් සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි කියයි.
සැකකරුවන් අවුරුදු 20, 22, 32 හා 42 වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ හා නෙළුම්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd