(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තුවාල ලැබුවත් ඔහු හොඳින් සහ ආරක්ෂිතව සිටින බවට තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පුත් යූසෆ් පෙසෙෂ්කියාන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අද ප්‍රකාශ කළේය.

ඉරාන උත්තරීතර නායකයා තුවාල වූ බවට පළවී තිබෙන වාර්තා තමන් දුටු බවත් ඒ හේතුවෙන් ඉරානය උත්තරීතර නායකයා පිළිබඳව සොයා බැලීමට තමන් තීරණය කළ බවත් යූසෆ් පෙසෙෂ්කියාන් තැබූ සටහනේ දැක්වේ.

එහිදී ඉරාන උත්තරීතර නායක යූසෆ් පෙසෙෂ්කියාන් ආරක්ෂිතව සහ යහතින් සිටින බවට තමන්ට විශ්වාසදායී ආරංචි මාර්ග මගින් දැන ගැනීමට හැකියාව ලැබුණු බවද එහි සඳහන් වේ.