සිසු දඩුවම් පනත විවාදය කල් තබයි දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය. 24 September 2025
ට්‍රම්ප්ගේ නියෝජිත අනුර හමු වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති යෝජිත සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 24 September 2025
මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට) විවෘත කර ඇතැයි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය. 24 September 2025
ලෝක ළමා දිනය සමරන්න සතියක් ඔක්තෝබර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමිව “ ළමා දින ජාතික සතියක් ” අද (25) සිට ලබන 01 දක්වා පැවැත්වේ. 24 September 2025
ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 24 September 2025
මහින්ද බලන්න ඉන්දීය මහ කොමසාරි යයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද (24) සිදු විය. 24 September 2025
අනුර -ට්‍රම්ප් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. 24 September 2025
හිටපු ඇමැති මර්වින්ගේ නඩුවකට දින දෙයි කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුව නොවැම්බර් 17 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළේය. 24 September 2025
වත්කම් ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක් දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළේය. 24 September 2025
විදෙස් ශ්‍රමික මරණයකදී දෙන වන්දිය වැඩි කරයි විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය. 24 September 2025
රටපුරා ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති. 24 September 2025
ඇමැති වසන්තගේ නඩුව ඇසූ නඩුකාරවරුන් දෙන්නකුම මාරු කරලා ජාතික කම්කරු කොංග්‍රසයේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගත් ඇමැති වසන්ත සමරසිංහ මහතා ගැන නඩුව විභාග කළ නඩුකාරවරුන් දෙදෙනෙකුම මාරුකර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය. 24 September 2025
කුණු වලින් වැඩ ගන්න තැන් 54ක් හදයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත. 24 September 2025
ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපට අසුන් ගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. 24 September 2025
ඇමැති වසන්ත - කතානායක රට සල්ලි හොයපු විදිය රටට කියන්න අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ බයිනෑන්ස් ගිණුමේ ඇති යූඑස්ඩීටී 1850 ලබා ගත්තේ කෙසේදැයි මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය 24 September 2025
එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි සීයේ වන්දි නොගෙවයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තිරයේදී ගිනිබත් වීම හේතුවෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමට වසරක් තුළ ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල එම සමාගම නොගෙවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යොස්කොවිට්ස් ඒ.එෆ්.පී පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබිණි. 24 September 2025
“තල් අරඹෙන් රුහුණු පුරට” වැඩසටහන ඇරඹෙයි තරුණ තරුණියන් අතර ද්වී භාෂා සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් භාෂා පාලම ගොඩනැංවීම උදෙසා වන “තල් අරඹෙන් රුහුණු පුරට” තරුණ හුවමාරු වැඩසටහන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. 24 September 2025
ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී ඇමරිකා වේලාවෙන් (23) පස්වරුවේ පැවැත්විණි. 24 September 2025
ටැබ් පරිගණක -දුරකතන සමඟ තිදෙනකු ගුවන්තොටේදී අල්ලයි රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග අද(24) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 24 September 2025
වකුගඩු ලෙඩ වැඩි වසම් 134කට පිරිසිදු වතුර දෙයි එප්පාවල, ගිරිඛාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 September 2025
ලංකාවේ ක්ලෝරීන් කම්හලක් අරින්න යයි පරන්තන්හි කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 September 2025
පොහොට්ටුවේ මහ ලේකම්ගෙන් තිස්ස කුට්ටිට අවවාද ප්‍රසිද්ධ රැස්වීම් වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාට අවවාද කර ඇත. 24 September 2025
ලස්සන තැන් වලට යන පාරක් දියුණු කරයි ඇඹිලිපිටිය - පනාමුර - බුළුතොට ( බී115) මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 September 2025
දැව ලොරියට යටවී තිදරු පියා මරුට යතුරු පැදියක් පණ ගැන්විමට තල්ලු කරමින් දිව විත් එයට නැගිමට උත්සහ කළ තිදරු පියෙකු මාර්ගයේ දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි එම ස්ථානයේදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 24 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද(24) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 24 September 2025
ඇතැම් ප්‍රදේශවලට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 September 2025
හල්දුම්මුල්ලේ සුළු භූ කම්පනයක් හල්දුම්මුල්ල වෙලන්විට අක්කරසීය ලේමස්තොට මුරුතහින්න ආදී ප්‍රදේශවලට අද 23 සවස 6.46 ,6.47, විනාඩියේදී සුළු වූ කම්පන තත්ත්වයක් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 24 September 2025
ඇෆ්ගන් දරුවා ගුවන් යානා රෝදයේ සැඟවි දිල්ලියට එයි ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නගරය බලා පියාසර කළ කාම් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක රෝද සම්බන්ධ වන කුඩා කුටියේ සැඟවී 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන පිරිමි දරුවකු ඉන්දියාව බලා පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 24 September 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අත්‍යාවශ්‍යයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට, ජීවනෝපායන්ට සහ වෙරළබඩ ප්‍රජාවට දැඩි හානියක් සිදු කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා වූ වැදගත් පියවරක් බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 24 September 2025
ජනපති ඇමරිකාවට ගොඩබසී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) එක්සත් ජනපද වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ ය. 23 September 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026