
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව, තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ පුහුණුව සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් යොමුකරන අතර එම ක්ෂේත්‍ර අතරට අලුතින් එක්වූ වන වගා ක්ෂේත්රයේ පුහුණුව ලැබීමටද ශ්‍රී ලාංකිකයින් අවස්ථාව හිමි වී තිබේ.
පළමුවරට වන වගා ක්ෂේත්රයේ පුහුණු අවස්ථා හිමිවූ තරුණයෝ තිදෙනෙක් ජපානය බලා අද(11) පිටත්ව ගියහ.
එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.
මෙම ක්ෂේත්රයට අමතරව තවත් ක්ෂේත්‍ර 7ක පුහුණු අවස්ථා මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඉන් ඉදිකිරීම් ක්ෂේත්රයේ පුහුණු අවස්ථා හිමිවූ පුහුණු ලාභීහු හය දෙනෙක් ද මෙම පිරිසත් සමග ජපානය බලා පිටත්ව ගියහ.
කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-30 අතර, තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස පුහුණුව ලැබීමට අවස්ථාව හිමිවේ.
මේ සඳහා අයැදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N5 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකිවේ. අයැදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
මේ වන විට කාර්යාංශය මැදිහත්වී පුහුණු ලාභීන් 659 ක පිරිසක් මෙම වැඩසටහන යටතේ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන් කර මෙරටට පැමිණි පුහුණුලාභීන්සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතින බව කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd