(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ තරුණයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු ඒකකය සඳහන්කරයි.
එම තරුණයන් තිදෙනා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 24105 ක් අයිස් මත්ද්‍රව්‍යය මිලිගෑම් 19900 ක් ජාවාරමට යොදාගත් වංගම දුරකථන හතරක් සහ ප්‍රවාහනයට යොදාගත් කුඩා වෑන් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
අධිවේගී මාර්ග බස්නාහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරී වසන්ත කොරලගේ මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි පෙරේදා (10) දහවල් 12 සිට පස්වරු 3 දක්වා කහතුඩුව , කඩවතට වාහන ඇතුළුවන පිවිසුමේදී කහතුඩුව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් නිමල් සිරිවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේදී කඩවත දෙසට ඇතුළු වීම සඳහා පැමිණි කුඩා වෑන් රථයක සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත එය නවතා සිදුකළ පරික්ෂාවේදී සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd