ගෑස් ගැන සජබෙන් ගෑස් පෙන්නයි ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය විමසිමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් අද (30) පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 30 November 2021
'මදිපුංචිකම් කියන්න රාජ්‍ය නිලධාරීන් බයයි ' රාජකාරී කටයුතු කිරීමේදී තමාට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු ඉහළ නිලධාරීන්ගේ හිරිහැරයන්ට ලක් වීමට සිදු වීම නිසා රජයේ නිලධාරීන් සාධාරණ පතා අධිකරණයට පැමිණීමට මැලිවන බව නීතීඥ දර්ශන කුරුප්පු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. 30 November 2021
'රටේ එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා නැහැ' රටේ එක ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගොස් නැතැයි සියයට සියයක් තහවුරුවී ඇති බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
’’එදා අන්තවාදී බෝම්බ අද ගෑස් බෝම්බ’’ බෙදුම්වාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ බෝම්බ පිපිරීම්වලින් දුක් කරදර ව්ඳී ජනතාවට අද ගෑස් සිලින්ඩර පිපිරීමෙන් එවැනිම දුක් කරදර විඳීමට සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30)පැවැසීය. 30 November 2021
දියතලාවෙත් ගෑස් ලිපක් පුපුරයි දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි. 30 November 2021
ජනපතිට මූණ පෙන්නන්න එන ඇමැතිලාට කතානායකගෙන් අවලාද ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් ඔහුට හැමදාම මේ සභාවට එන ලෙස මේනිසා දැනුම් දීමට සිදුවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
පොල්කිරි ලොරිය පාර හරහා පෙරළෙයි පොල්කිරි ප්‍රවාහනය කරමින් තිබූ විශාල කන්ටේනර් රථයක් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ වෑගොව්ව පාලම මත මාර්ගය අවහිර වන සේ පෙරළී තිබීම හේතුවෙන් කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන තිබේ. 30 November 2021
'ගෑස් පිපිරීම් ගැන කතා කරන්න උපදේශක කාරක සභාව කැඳවන්න' ගෑස් සිද්ධි ගැන අදාල පාර්ශව කැඳවා සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (30) දිනයේ කැඳවන්නැයි අදාළ රාජ්‍ය ඇමැතිවරයාට දැනුම් දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය. 30 November 2021
ගෑස් ලිපක් පුපුරයි ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි. 30 November 2021
'ඔමික්‍රෝන් ලංකාවේ තිබෙනවාදැයි තවම සහතික කර කියන්න බෑ' ශ්‍රි ලංකාවේ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබෙනවා දැයි තවම සහතික කර කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 30 November 2021
සිරිසේන කුරේ දිවි ගමනට සමුදෙයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත විය. 30 November 2021
ඉන්දීය සාගර සමුළුවට හිටපු අගමැතිට ආරාධනාවක් අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි. 30 November 2021
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2021
’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න ’ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ’ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ’කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. 30 November 2021
අනුරාධපුරයේ වගා ළිං 400 ව්‍යාපෘතිය සුදු අලියෙක් අනුරාධපුරයේ ආරම්භ කළ වගා ළිං හාරසීයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවී පාඩු සිදු වීමේ සිද්ධියක් ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමර්ශනයක් අරඹා ඇත. 30 November 2021
ආයුර්වේදයට මුවා වි ඇඟ විකුණලා මීගමුව කටුව ප්‍රදේශයේ ආයුර්වේද සම්බහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවෙසක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 30 November 2021
අද ආසාදිතයන් 747 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 206 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 November 2021
ආචාර්ය වසන්තගෙන් කංසා ගැන ආන්දෝලනාත්මක පර්යේෂණයක් කැලණිය විශ්ව ආචාර්ය උපාධිධාරියකු වූ වසන්ත සේන වැලිංගගේ මහතා ආන්දෝළනාත්මක පර්යෂණයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ කංසා ඔසුවක් ලෙස නීති ගත කිරිමේ ක්රමයක්ද සකස්කරමින් සිටී 29 November 2021
ගෘහස්ථ ගෑස් පිපිරීම් ගැන පොලිස් පරීක්ෂණ ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීම, ගිනි ගැනීම හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති විමර්ෂනවලට අදාල තොරතුරු රැස්කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ. 29 November 2021
කොළඹ-ගම්පහ තැන් රැසකට ලයිට් නෑ කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි බිඳවැටීමක් නිසා දිවයිනේ ප්‍රදේශ රැසක අද (29) රාත්‍රී 7.50 පමණ සිට විදුලිය සැපයුම බිඳවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 29 November 2021
අලුත් ආසාදිතයෝ 541 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 541 දෙනකු අද (29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 November 2021
කොළඹ තැන් කීපයක පැය 7 ක් වතුර නෑ කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) රාත්‍රියේ සිට පැය 7ක කාලයක් ජල සැපයුම අත්හිටුවන සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 29 November 2021
ආර්ථිකයට හයියක් දෙන සත්වයන් ගැන සංගණනයක් කරන්න රටෙි ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අද (29)උපදෙස් දුන්නේය. 29 November 2021
තවත් කොරෝනා මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු අද (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 November 2021
හිටපු ඇමැති අර්ජුන එජාපයට සමුදෙයි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 29 November 2021
ආරක්ෂක ඇමැතිට වගේම පොලිස්පතිටත් රාජ්‍ය ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවා පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයා වන නිසා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙසම පොලිස්පතිවරයාද රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින්නේ යැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (29) පැවසීය. 29 November 2021
පාන්පිටි කිලෝව රු135 ට නගී තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති. 29 November 2021
කන්ටේනර් ප්‍රශ්න කැබිනට්ටුවට ඩොලර් ප්රශ්නය හේතුවෙන් වරායේ හිරවී තිබෙන අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ කන්ටේනර් 1000 කට අධික ප්‍රමාණය පිළිබඳ ප්රශ්නය ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය. 29 November 2021
කතරගම සංචාරක බංගලාවේ අලුත්වැඩියාවට කෝටියක් ගෙවලා සංචාරක සංවර්ධන අධිකාරිය කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වසර කිහිපයකට පෙර වැය කළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් නොකළ වැඩ කොටසක් වෙනුවෙන් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)විමර්ශනයක් අරඹා ඇත. 29 November 2021
'රජය විවේචනය කරනවානම් ඉවත් වෙන්න ' ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය. 29 November 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026