කොරෝනා ආසාදිතයන් 716 අද කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 204 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 716 කි. 13 November 2021
රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් දෙන්න බඩු මිල ඉහළ ගොස් ඇති හෙයින් රාජ්‍ය සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් කෙටි කලකට හෝ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 13 November 2021
ජාතික විගණන වැඩසටහනට මුදල් කාරක සභාවේ අනුමැතිය ජාතික විගණන කාර්යාලයේ 2022 වසර සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අද (13) අනුමත විය. 13 November 2021
කොළඹ - මහනුවර මාර්ගය ගැන පරීක්ෂණ වාර්තා සදුදා? කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ පරීක්ෂණ රැසක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් මාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන සදුදා දින කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (13) පස්වරුවේ පැවසීය. 13 November 2021
’’විපක්ෂය පම්පෝරි ගැහුවත් අයවැය ගෙනාවේ අර්බුද තුනක් තිබියදී’’ විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අයවැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තිබියදී යැයි කිසිවකුත් අමතක නොකළ යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 November 2021
’’ජනපති-මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන අනාවරණයක්’’ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ බවටවූ යෝජනාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයේ සිටින තරුණ මන්ත්‍රීවරුන් බවත් තමා ඒ මන්ත්‍රීවරුන්ට ගරු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2021
යුදගනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව මහජනසභාව රටපුරා යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ ’’මහජන සභාව ’’රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ . 13 November 2021
විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක් ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. 13 November 2021
’’රාජ්‍ය සේවය අපට බරක් ’’ රාජ්‍ය සේවකයින් සඳහා තව වර්ෂයක් යනතුරු රජයට තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 13 November 2021
’’උද්ඝෝෂණ වෙනුවට වර්ජනයකට යනවා’’ කොවිඩ් නීතිය ’ කොවිඩ්’ පාලනයට වඩා වඩා පාවිච්චියට යොදා යොදාගතහොත් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 13 November 2021
රටබීම මිල අද සිට වැඩි වෙයි අයවැය ලේඛනයෙන් ඉහළ දැමූ සුරාබදු අද (13) සිට ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා ’ ලංකාදීප’ යට පැවසීය. 13 November 2021
’’ගිවිසුම් ගැන ඇසූවිට මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට තොරතුරු දිය යුුතුයි’’ යම් ගිවිසුමක් ගැන ඇසූ විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දීමට ඇමතිවරුන් අණ්ඩුක්රම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප)රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය . 13 November 2021
චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී. 13 November 2021
ඇමැතිවරු දහයක් ’’සමිට් සැප’’ විඳිද්දි මන්ත්‍රී නිවාසත් අල්ලාගෙන ඇමැතිවරුන් දස දෙනකු ඇමැති නිල නිවාස වරප්‍රසාද භුක්ති විඳිද්දී මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ. 13 November 2021
දේශිය ආදයම්,සුරාබදු,රේගු පුරප්පාඩු පිරවීම අතරමග රටේ ආර්ථිකයට දායකවන ප්‍රධාන ආයතන ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරි පුරප්පාඩු දහසකට වැඩි සංඛ්‍යාවක් පිරවීම ප්රමාදයවීම නිසා එම ආයතනවල කාර්යක්ෂමතාව බෙහෙවින් හීනවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 13 November 2021
එළවළු ප්‍රවාහනයට වෙනම දුම්රියක් එළවළු නුවරඑළියේ සිට දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 13 November 2021
පනත් දෙකකට කතානායකගේ සහතිකය විසර්ජන සංශෝධන සහ ආගාමික සහ විගාමික පනත් කෙටුම්පතවලට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 November 2021
දූෂණ මැඩීමට ගෙනා කෝප්, කෝපා නිර්දේශ දෙදාහක් කුණු කූඩෙට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී ඉදිරිපත් කර ඇති නිර්දේශ 2,000කට වැනි සංඛ්‍යාවක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 13 November 2021
පහළ කඩුගන්නාව ප්‍රදේශය විශේෂඥ පරික්ෂාවට නායයෑමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පාර වසා තිබෙන ස්ථානය මේ වන විට විශේෂඥයන් පිරිසක් පරික්ෂා කරමින් සිටින බවත් එම පරීක්ෂාවෙන් පසුව ඉදිරි තීරණය ප්‍රකාශ කළ හැකි බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අද (13) පෙරවරුවේ පැවසීය. 13 November 2021
‘‘කොවිඩ් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත ප්‍රයෝජනය හදුනාගත්තා‘‘ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ඩිජිටල්කරණය මත රඳා පවතින බව වඩාත් පැහැදිළි බවත් ‘කොවිඩ්’ ව්‍යාප්තියත් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත ප්‍රයෝජනය හොඳින් වටහා ගැනීමට හැකිවූ බවත් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 13 November 2021
ලංගම බසය-වෑන් රිය ගැටී අයෙක් මරුට: 6ක් රෝහලේ කොළඹ සිට කල්මුනේ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් බදුල්ල දෙසින් පැමිණි වෑන් රථයක්, මහියංගණ පොලිස්ථානය ඉදිරිපිටදී අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි. 13 November 2021
පළාත් කිපයකට අදත් වැසි සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2021
හොර ගිනි අවියක් සමග අයෙක් මාට්ටු නීති විරෝධිව රිවෝල්වරයක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු මහරගම පන්නිපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි. 13 November 2021
‘ආණ්ඩුව සෞඛ්‍යට වෙන් කළ මුදල අඩු කරලා‘ රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවකදීත් ආණ්ඩුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6කින් අඩු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2022 අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. 12 November 2021
අයවැයෙන් පසු තේ පැන් සංග්‍රහයට ජනපතිත් එක් වෙයි 2022 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 12 November 2021
ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වැඩි වෙයි කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් පර්යන්තයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ. 12 November 2021
කොරෝනා මරණ 23 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 12 November 2021
බඩු මිලට එරෙහිව එජාපය පාරට වැඩිවන ජීවන වියදම සහ බඩු මිල අඩු කරන්නැයි රජයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී අද පස්වරුවේ පැවැත්විණි. 12 November 2021
‘‘ජනතාවට හීන් දාහඩිය දමන අයවැයක්‘‘ රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (12) පස්වරුවේ පැවසීය. 12 November 2021
‘‘මේ අයවැය හිස් ලියවිල්ලක්‘‘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කළේ සෝමාලියානු, ඉතියෝපියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 12 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026