‘පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරිනවා’ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය. 14 November 2021
‘ යම් මට්ටමකට හෝ ලැබූ ජයග්‍රහණය ආපස්සට හරවන්න එපා’ කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 14 November 2021
ප්‍රධාන මාර්ගයේ හෙට දුම්රිය 10 ක් පමණයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා හෙට (15) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවන බවත් කොළඹ කොටුව දක්වා දුම්රිය 10 ක් පමණක් ධාවනය වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 14 November 2021
‘ අතුරුගිරියේ ලඩියා’ බැංගලෝර්හිදී කොටුවෙයි නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැළකෙන දිනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’ නැමැත්තා බැංගලෝර්හිදී ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 14 November 2021
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට අටක වැඩි වීමක් ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 14 November 2021
ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අතහරී ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අයවැය ලේඛණයෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරන තෙක් ලබන වසරේ (2022) ජනවාරි මස 20 වැනිදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් අද පැවසීය. 14 November 2021
කොළඹ - මහනුවර පාර විවෘත කිරීමේ තීන්දුව හෙට 12 පසුව නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පෙරවරුවේ පැවැත්වෙන බවත් හෙට මධ්‍යහන 12.00 ට පෙර මාර්ග විවෘත කළ නොහැකි බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අද (14) පස්වරුවේ පවසයි. 14 November 2021
කොරෝනා ආසාදිතයන් 498 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 November 2021
කොරෝනා මරණ 23ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 14 November 2021
පොපි මල් දිනය සමරයි ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂික සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපී මල් දින සැමරුම් උළෙල කොළඹ මහජන පුස්තකාලය අසල ස්ථාපනය කර ඇති ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියස දී අද පැවැත්විණි . 14 November 2021
‘‘සජබ උත්සහායට අප ඉඩ දෙන්නේනෑ‘‘ සමගි ජන බලවේගය හෙට අනිද්දා ලොකු උද්ඝෝෂණයක් කරන්න හදනවා.ඇයි මේ උද්ඝෝෂණය කරන්න හදන්නේ රටක් දියුණු කරන්න ද ? රටේ ජනතාවට සෙත සලසන්න ද ? නැහැ රෝගය ව්‍යාප්ත කරලා නැවත වතාවක් මේ රට අගාධයට පත් කරන්න .ඒකට අපි පොලිසිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ . 14 November 2021
ශ්‍රී ලංකන් නංවන්න නව නිලධාරියෙක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නටාල් මහතා පත් කර ඇතැයි එම සමාගම අද නිවේදන කළේය. 14 November 2021
බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය. 14 November 2021
මේක පතෝල අයවැයක් ආණ්ඩුවේ අයවැය පතෝල එකක් බව නාරාහෙන්පිට අබයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. 14 November 2021
කොත්මලේ ගමක් නාය යෑමේ අවදානමක්:පදිංචිකරුවන් ඉවත් කරයි නායයාමේ ලක්ෂණ මතුවිම නිසා කොත්මලේ කොටගපිටිය ගම්මානයේ පදිංචි පවුල් 20 ක් පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 14 November 2021
පාර කැඩිලා මාසයයි තවමත් එහෙමමයි කඩවත මංකඩ පාරේ කොටසක් ගිලා බැස මසකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පිළිසකර කර නැතැයි රියදුරෝ පවසති. 14 November 2021
ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන දිවි ගමනට සමු දෙයි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අභාවප්රාත්ත විය. කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට අවුරුදු 58 වැනි වියෙහි පසුවිය. 14 November 2021
මාළු අල්ලන්න ගිහින් ජල පහරට අසු වෙයි අයහපත් කාලගුණය නොතකා කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටියදී ජල පහරකට හසුව සිරවී සිටි පුද්ගලයකු හමුදාව විසින් අද (14) දහවල් බේරාගත් බව යුද හමුදාව පවසයි. 14 November 2021
කුරුණෑගල නගර සභාවේ වැඩ කෝපා කමිටුවේදී එළියට කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදි කර ගැනීමට අවසර ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 14 November 2021
මන්ත්‍රී විරසුමන 65 සීමාවට අසතුටෙන් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ කරයි. 14 November 2021
හෙක්ටයාර් 2 කට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 November 2021
‘‘මත් ද්‍රව්‍ය ඇල්ලූ ගමන් විනාශ කිරීමේ නීති සකස් කරනවා‘‘ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් වහාම අධිකරණයට ඉදිරිපත්කර එම මත්ද්‍රව්‍ය සාම්පල කිහිපයක් තබාගෙන මත්ද්‍රව්‍ය විනිසුරුවරයා ඉදිරියේම විනාශ කිරීමට අවශ්‍ය නීති අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව එකතුව සකස් කරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. 14 November 2021
දුම්රිය ධාවනය වේයන්ගොඩට සීමා වෙයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ පල්ලෙවෙල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් දුම්රිය ධාවනය වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (14) පස්වරුවේ පැවසීය. 14 November 2021
ත්‍රීරෝද රියෙන් පැමිණ පාරේ සිටි අයකුට තියුණු ආයුධයකින් පහරදී පලා යයි ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මඩපාත පොල් හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. 14 November 2021
අද දවසේ කාලගුණය සබරගමුව, වයඹ, උතුරු සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 November 2021
දුම් බෝම්බයක් සමඟ හිටපු කර්නල් අල්ලයි පාදුක්ක අරුක්වත්ත නිවසකදී මෝටාර් උණ්ඩයක් සහ දුම් බෝම්බයක් සමඟ යුද්ධ හමුදා විශ්‍රාමික ආබාධිත කර්නල්වරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි 14 November 2021
රන් සොයා කැනීම් කළ හයක් පොලිස් දැලේ යුද සමයේ වල දමා ඇතැයි කියන රත්තරං සෙවීම සඳහා මන්නාරම ඔළුතුඩාව ප්‍රදේශයේ කැණීම් කරමින් සිටී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 November 2021
වික්ටෝරියා වේල්ල වීඩියෝ කළ තුනක් මාට්ටු වික්ටෝරියා වේල්ල සහ හතර වන බල ඇණිය යාන්ත්‍රික රෙජිමේන්තු කඳවුර ප්‍රදේශය අවසරයකින් තොරව ඩ්‍රෝනා යානාවකින් වීඩියෝ ගත කළ කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 14 November 2021
වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක් වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය. 14 November 2021
තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 13 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026