ශ්‍රීලංකාව ඇතුළු රටවල් කිහිපයකට තුර්කියෙන් ගුවන්ගමන් තහනමක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සදහා ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තුර්කි ගුවන් සේවය පියවර ගෙන ඇත. 15 November 2021
විරෝධයෙන් පසු කතට ගෑස් සිලින්ඩරයක් වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ගෑස් නියෝජිත වෙළඳසලකට පැමිණි කාන්තාවක ගෑස් සිලින්ඩරයක් ඉල්ලා ගෑස් ලොරියට මග හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවයක නිරත වූවාය. 15 November 2021
කෝටි 18 ක කොකේන් රේගුවෙන් පන්නන්න බැරිවෙයි කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 527 නීතිවිරෝධී ලෙස තම අත් බෑගය තුළ සගවා ගෙන , ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය . 15 November 2021
කොවිඩ් කරලට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල භාවිතයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. 15 November 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උයය ගම්මන්පිල මහතා පවසයි. 15 November 2021
කන්ටේනර් නිවසක් විනාශ කළැයි හම්බන්තොට නගරාධිපතිට එරෙහිව පැමිණිල්ලක් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් තමාට සහ දරුවන්ට පහරදී ජීවත්ව සිටි කන්ටේනර් නිවෙස විනාශ කළ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් යුක්තිය ඉටු නොවූ බවත් චෝදනා කරමින් කොල්ලුපිටියේ පදිංචිකරුවෙක් වන තුවාන් සලීම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (15) පැමිණිළි කළේය. 15 November 2021
කෝටි දෙකක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි කෝටි දෙකකට අධික වටිනවා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තලේමන්නාරම වැලිපර මුහුදු ප්‍රදේශයේදී අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 15 November 2021
පොලිසියේ ඉල්ලීම ගල්කිස්ස උසාවියත් ඉවත දමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් හෙට දින විරෝධතා රැළියක් ගල්කිස්ස පොලිස් සීමාව තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් ඊට ත්‍රස්තවාදී හෝ මොන යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් එම උද්ඝෝෂණයට තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී.පෙරේරා මහතා කළ ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා අද ප්‍රතික්ෂේප කළේය. 15 November 2021
මැතිවරණ කමිටුවේ නිල කාලය මාස දෙකකින් දීර්ඝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කිරීම සඳහා එම කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (15) ලැබිණ. 15 November 2021
පොලිසියේ ඉල්ලීම අත්තනගල්ල මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි සමගි ජන බලවේගයේ සංවිධායකත්වයෙන් හයිඩ් පිටියේ දී හෙට පැවැත්වෙන උද්ඝෝෂණයට ජනයා රැගෙන යාම තහනම් කරන ලෙසට පොලීසි හයකින් කරන ලද ඉල්ලීම් හයක් අත්තනගල්ල අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද සවස ප්‍රතික්ෂේප කළේය. 15 November 2021
සියවසකට අවශ්‍ය පොහොර නිපදවන්න අවශ්‍ය පොස්පේට් එප්පාවල මෙරට පොහොර නිපදවීම සඳහා වසර 100කට අවශ්‍ය පොස්පේට් එප්පාවල පොස්පේට් නිධියේ නිදන්ගතව පවතින බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කළ ගවේෂණයකින් හෙළි වී ඇත. 15 November 2021
සජබ විරෝධය නියමිත පරිදි පොලීසිය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය යොදා වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළත් කොළඹ හයිඩ් පිටියේ පැවිත්විමට නියමිත සමගි ජනබලවේගයේ විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව හෙට (16) පස්වරුවේ පවත්වන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ. 15 November 2021
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ඇරඹෙයි රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2021
'නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා' ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා සහ තමන් අතර කිසිඳු ගැටුමක් නොවූ බවත් අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා යැයි පැහැදිළිව කියන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (15) පැවසීය. 15 November 2021
'එජාපය -සජබ ජාත්‍යන්තරය සමඟ වැඩ කරන්න දන්නවා' එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය ජාත්‍යන්තරය සමඟ වැඩ කරන පක්ෂ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවසීය. 15 November 2021
‘‘භූගත ජලය ඉවත් කළ පසු පාර අරිනවා‘‘ නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ තිබෙන ජලය ඉවත්කිරීම මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ජල ඉවත්කිරීමේ කටයුත්ත අවසන් වූ වාහාම මාර්ග විවෘත කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 November 2021
ජොන්ස්ටන්-කිරිඇල්ල ගැටී මැතිසබය උණුසුම් වෙයි මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරුන් අතර මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (15) පෙරවරුවේ ඇතිවිය. 15 November 2021
වීරකුමාරට, පියසිරිට, රොජර්ට වරෙන්තු වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) වරෙන්තු නිකුත් කරනු ලැබුවේය . 15 November 2021
'ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් ඇමතිවරයා සභාවේ නැ' මුදල් ඇමති අයවැය විවාද අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්රදායක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 15 November 2021
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 15 November 2021
හිටපු ප්‍රා සභාපතිට ප්‍රභූ ආරක්ෂාවක් දුන්නේ කවුද? කොළඹ පළාතේ නගර සභාවක හිටපු සභාපතිවරයෙකි. අවුරුදු කිහිපයකට පෙර සභාපති පුටුවේ වැජඹුණු ඔහුට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ බව කනින් කොනින් අසන්නට ලැබුණේ ගිය සතියේය. යන යන තැන්වලට ඔහු සමග යන්නට වසර කීපයකට පෙර ලබාදී තිබු පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කර තිබුණේ ගිය සතියේ බව ද වාර්තා විය. 15 November 2021
’’මධ්‍යම අධිවේගියේ කොටසක් මේ මාසයේදී විවෘත කරනවා’’ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල අතර කොටස මේ මාසයේදී විවෘත කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවැසීය. 15 November 2021
මන්නාරමේ වෙරලකින් තරුණියකගේ සිරුරක් හමුවෙයි මන්නාරම කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී සොයාගත් තරුණියකගේ මළසිරුරක් හමු වී ඇතැයි මන්නාරම පොලීසිය පවසයි. 15 November 2021
‘බැසිල්ට දිට්ඨධම්ම කර්මය පළදීලා ‘ මහ බැංකුව කොල්ල කෑවා යැයි මෙතරම් කලක් කළේ රනිල් වික්‍රමසිංහට මඩ ගැසීමක් බව බැසිල් රාජපක්ෂගේ කටින්ම කියන්නට සිදු වීම දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දීමක් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 15 November 2021
කහ කිලෝ 30 ක් රේගුවේ හිරවෙයි ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ කහ කිලෝ 30 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 15 November 2021
සොරගුණේ විදුහලේ පන්තියක් වහයි ළමයකුට කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ට අයත් සොරගුණේ මහා විදුහලේ දහය බී ශ්‍රේණිය අද (15 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව විදුහල් බලධාරීහු පැවසූහ. 10බී ශ්‍රේණියේ ශිෂ්‍යයකුට සහ ඔහුගේ පියාට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ. 15 November 2021
සිරිල් ගාමිණි පියතුමා අද සි.අයි.ඩි.යට රාජ්‍ය බුද්ධි සේවගේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . 15 November 2021
ආලංකුලමෙන් ජීව බෝම්බ හතරක්, මෝටර් උණ්ඩයක් සොයාගනී එල්ටීටීඊ ත්රස්තවාදීන් අතැර දමා ගොස් තිබූ බවට සැක කෙරෙන පුද්ගල නාශක ජීව බෝම්බ හතරක් සහ මෝටර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාලච්චේන පුලන්කාඩු සහ ත්‍රිකුණාමලය ආලංකුලම යන ප්‍රදේශවලින් සොයා ගනු ලැබ ඇත . 15 November 2021
අද කාලගුණ තත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2021
අනතුරුවලින් වසර 10ට 27,000ක ජීවිත අහිමි වෙයි රටපුරා පසුගිය වසර දහයේදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් විසි හත් දහසකගේ (27,000) ජීවිත අහිමිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. 15 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026