කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි) ඊයේ (16) ඒකක 11,000 ඉක්මවා ගියේය. 16 November 2021
දෙවලපොළ පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා දෙවලපොළ බලබෝව ප්‍රදේශයේ පිරිවෙන් හිමිවරුන් 10 නමක් කොරෝනා වයිරස ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය. 16 November 2021
කොරෝනා අවදානමක්: ඌවේ පාසලක් වහයි හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූදරුවන් සහ ගුරු මණ්ඩලය කිහිප දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එක් විදුහලක් වසා තව පාසලක පන්ති වසා දැමීමට පියවර ගත් බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පවසයි. 16 November 2021
කිරිබත්ගොඩ විරෝධතාවට ෆොන්සේකාත් එයි සමගි ජන බලවේගයේ පිරිසක් අද (16) දහවල් 2.00 පමණ කිරිබත්ගොඩ ඔරලෝසු කණුව අසල කොළඹ - නුවර මාර්ගය අසලදි නාම පුවරු ඔසවාගෙන නිහඬ විරෝධය යෙදුණහ. 16 November 2021
දකුණේ සිසුන් 148 කට ගුරුවරු 78 කට කොරෝනා දකුණු පළාතේ පාසල් සිසුන් 148කට සහ ගුරුවරුන් 78කට මේවනවිට කොරෝනා ආසාදනයවි ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිමල් දිසානායක මහතා පැවසිය. 16 November 2021
කාලෙ බෝතල් නිෂ්පාදනය තහනම් කරන්න යයි මත්පැන් කාලේ බෝතල නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. 16 November 2021
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඖෂධ සැපයුම් කරුවන්ට පොල්ලක් රජයේ රෝහල්වලට ඖෂධ හා ශළ්‍ය උපාංග සැපයීම කරන දේශීය නිෂ්පාදකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක මුදලක් මාස ගණනාවක් තිස්සේ ගෙවා නැතැයි සැපයුම්කරුවෝ සඳහන් කරති. 16 November 2021
’’බැසිල් කීවේ රාජ්‍ය සේවය රටට බරක් බව නෙවෙයි’’ රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා රටට බරක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 16 November 2021
වයස 60ට වැඩි අයට තෙවෙනි මාත්‍රාව හෙට සිට වයස 60ට වැඩි ජනතාවට තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (17) ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය 16 November 2021
සජබ පෙළපාළිය ගාලු මුවදොර දෙසට වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන්ස සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වි මේ වනවිට පිත්තල හන්දිය පසුකරමින් කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් තිබේ. 16 November 2021
රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 16 November 2021
සජබ පෙළපාලිය නිසා කොළඹ පාරවල් රැසක් වැසේ අධික ජීවන වියදම ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසකට විරෝධය දැක්වීම සඳහා සමගි ජනබලවේගය ‘සාපලත් ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගය’ යන තේවා යටතේ අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධයට සහභාගි වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස් රථ ඇතුළු රථ වාහනවලින් ජනතාව කොළඹට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී තිබේ. 16 November 2021
5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලංකාවේදී පැවැත්වීමට යයි 5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් භාගයේ දී කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවත්, ඒ අනුව සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර රැස්වීම පවත්වන දිනය දැනුම් දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (16) බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා වෙත දැනුම් දී ඇත. 16 November 2021
ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතුයි ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2021
කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා නව බස් සේවාවක් බත්තරමුල්ල සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් සේවාවන් රැසක් අද(16) සිට ආරම්භ කෙරනු ලැබීය. 16 November 2021
‘අයවැයෙන් සෞඛ්‍යට වෙන්කළ මුදල මදි ‘ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67 කින් අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (16) පැවසීය . 16 November 2021
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සා.පෙළ-උ.පෙළ උපකාරක පන්ති ඇරැඹිමට අවසර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පමණක් උපකාරක පංති ආසන ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයට යටත්ව ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවසර ලබාදී තිබේ. 16 November 2021
හෝටලයේ ගෑස් ටැංකිය පහක් රෝහලට යවයි රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි කෑම නිෂ්පාදන අලෙවිහලක අද පෙරවරුවේ හදිසියේෙ ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 16 November 2021
‘ සෞඛ්‍ය නීතී ගැන මහජන විශ්වාසය බිදිලා ‘ ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන උවමනාවන් සඳහා ‘කොවිඩ්’ නීතිය යොදා ගැනීමෙන් සෞඛ්‍ය නීතීය පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටී ඇති බවත් එය ‘කොවිඩ්’ වසංගතය පාලනයට සෞඛ්‍ය සේවාට පැවරී ඇති කාර්ය කිරීමට බාධාවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 16 November 2021
අභියෝග මැද රටේ දියුණුවට ආයෝජන දිගටම කරනවා අභියෝග මැද වුවද රජය රටේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 16 November 2021
විරෝධතාවට එරෙහි පොලිසියේ ඉල්ලීම අහක සමගි ජනබලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ තවත් ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්දක රාගල මහතා අද (16) ප්‍රතික්ෂේප කළේය. 16 November 2021
පාස්කු නඩුවකින් විනිසුරු දෙකක් ඉල්ලා අස්වෙයි පාස්කු ඉරුදින ප්‍රහාර ප්‍රහාර වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම ප්‍රහාරයෙන් සිය දරුවෙන් දෙදෙනා අහිමි වූ දෙමව්පිය යුවළක් , හෝටල් ව්‍යාපාරිකයෙකු ඇතුළු 12 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 පිළිබද විභාගය කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් දෙදෙනෙකු පෞද්ගලික හේතුන් මත අද (16) එම පෙත්සම විභාගයෙන් ඉවත් විණි. 16 November 2021
සමුද්‍ර නීති අලුත් කරන්න කමිටුවක් ජාත්‍යන්තර සහ දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් අලුතින් හඳුන්වා දිය යුතු හෝ සංශෝධනය කළ යුතු සමුද්‍ර නීති හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 16 November 2021
විරෝධතාවයට සිදුකළ බාධා කිරීම් ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය කොළඹදී අද(16) සංවිධානය කරන විරෝධතාවයට පැමිණෙන ජනතාවට විවිධ ප්‍රදේශවල දී පොලිසිය බාධා කිරීම් සිදු කළ බවත් ජනතාව පැමිණි බස් රථ මාර්ග බාධක යොදා හරවා යැවීමටත් සංවිධායකවරුන්ගේ කාර්යාලය ඉදිරිපිට පොලිස් නිලධාරීන් යොදවා බාධා කිරීම් සිදුකළ බවත් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 16 November 2021
ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම් රට පුරා ඉන්ධනහල් අවට ඊයේ පස්වරුවේ සිට දීර්ඝ පෝලිම් දක්නට ලැබිණි. 16 November 2021
සජබ පෙළපාළියට එන පිරිස් ආපසු හරවා යවයි සමගි ජන බලවේගය කොළඹ හයිඩ් පිටියේදී අද පැවැත්වීමටනියමිත උද්ඝෝෂණයට සහභාගී වීමට දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණෙමින් සිටි පිරිහි ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. 16 November 2021
තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක් තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ ගැන වහාම සොයා බැලිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය. 16 November 2021
’’විදෙස්ගගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ රුපියල් කරන්නේ නෑ'’’ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටී. 16 November 2021
‘රටේ ඇති තරම් තෙල් තියෙනවා’ රටේ ඇතිවෙන්න ඉන්ධන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය. 16 November 2021
සිරිල්ගාමිණි පියතුමා දෙවැනි දිනටත් සී.අයි.ඩී.යට සිරිල් ගාමිණි පියතුමා අද ( 16 ) දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධපරීක්ණෂ දෙපාර්මේන්තුවට පැමිණියහ. 16 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026