IMG-LOGO

නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි


(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට නියම කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයාට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අද (02) නොතීසි නිකුත් කළේය.

තෙල් මිල වැඩීවීම සම්බන්ධයෙන් රඹුක්ක පැවැති උද්ඝෝෂණයකදී ඇතිවූ නොසන්සුන්කාරී තත්වයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධියට අදාළව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින  නිතිපතිවරයාට, පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට මෙම නොතීසි නිකුත් විණී.

ඉන්ධන මිල ඉහළයාම සම්බන්ධයෙන් ඉකුත් මැයි මස 19 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ විරෝධතාවක් අතරතුරදි ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමකදී පුදගලයකු මියගිය අතර, එම සිද්ධියට අදාළව සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුලු පොලිස් නිලධාරීන් තිදනෙකු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



අදහස් (0)

නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site