කළහාකාරි සිද්ධිය ගැන ජනාතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73ක් අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට හා ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන දිවයිනපුරා ඇති වු කළහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73 ක් පොලිසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 20 May 2022
කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක් දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක් අධික ජන ඝනත්වයක් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිතව පවතින කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) ලිට්රෝ සමාගමේ ප්‍රධානීන්ට අද (20)නියෝග කළේය. 20 May 2022
සාපෙළ කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව නෑ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැළසීම සඳහා ලබන ඉරිදා (22 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 20 May 2022
මැතිසබයේ උණුසුම් වෙයි ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් බැන වැදී පහරදීමට උත්සාහ දරන ලද සිද්ධියකින් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (20) පස්වරුවේ ඇතිවිය. 20 May 2022
ගෑස් සිලින්ඩර 50,000 ක් අද බෙදයි ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් පමණ අද (20) දිනයේ බෙදාහරීමට නියමිත බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 20 May 2022
අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 20 May 2022
තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු-ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ගැන විමර්ශනයක් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව එම ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (20) වාර්තා කළේය . 20 May 2022
නාමල් සී.අයි.ඩියට පැමිණෙයි අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. 20 May 2022
ඇමෙරිකානු තානාපතිනී-නාවික හමුදාපති අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අතර හමුවක් අද(20) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණ. 20 May 2022
නාමල් පුනරුත්ථාපන වැඩසටහනක් යෝජනා කරයි මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයි ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 May 2022
’’ජාත්‍යන්තරය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවන්න’’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් එකතුව වහාම ජාත්‍යන්තරයට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් සියලුම පාර්ශව සමඟ එක්ව දැඩි තීන්දුවක් ගන්නා බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා මහතා අද (20) පැවසීය. 20 May 2022
සනත්-මිලාන් විශේෂ ආරක්ෂාව යටතේ මැතිසබයට කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරු බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවට අද (20) රැගෙන එනු ලැබූහ. 20 May 2022
හරීන්ගේ-මනූෂගේ පක්ෂ සාමාජිකත්වය ගැලවෙයි සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 20 May 2022
රනිල් නොව බුදුන් වැඩියත් රාජපක්ෂලා එක්ක බෑ රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2022
පොලොන්නරුව මන්ත්‍රී ඝාතන සිද්ධියට අයෙක් අත්අඩංගුවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී ඉකුත් (09) දින ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙක් අද (20) නිට්ටඹුව නගරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 20 May 2022
ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රි ලංකාවට සහනයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවෙන් ඉන්දීය අපනයනකරුවන් මුදල් ලබා ගැනීමට යෑමේදී මුහුණපාන ගැටළු හේතුවෙන් වෙළඳ ගණුදෙනු සඳහා ගෙවීම් ඉන්දීය රුපියල් වලින් සිදු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ දීමට (19) ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත. 20 May 2022
මට මේ දේශපාලනය අප්‍රසන්නයි තමාට මේ දේශපාලනය අප්‍රසන්න බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 May 2022
විදුලිය පාවිචිය ගැන දැනුම් දීමක් විදුලිය ඉතා අරපිරිමැස්සෙන් භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රටේ ජනතාවගෙන් ඉල්ලයි. 20 May 2022
ජපානයෙන් ඩොලර් මිලියන එක හමාරක ප්‍රදානයක් ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 1.5ක අත්‍යාවශ්‍ය ආහාර තොගයක් ප්රදානය කිරීමට තීරණය කර තිබේ. 20 May 2022
‘යළි ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජයි‘ මේ වෙන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඊළඟ පාර සිට දේශපාලනයෙන් අයින් විය යුතු බව ද සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය. 20 May 2022
ශ්‍රී ලංකාවට ණය සහන දීමට ජි 7 රටවල් තීරණය කරයි ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්රයත්නයන්ට සහාය වන බව ’ජී7’ සමුළුවේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරු ප්‍රකාශ කළහ. 20 May 2022
ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර වහයි ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර හා දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 20 May 2022
රට ගැන සිතා තීරණයක් ගත්තා රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 20 May 2022
ඇමතිකම් ගැනීම පක්ෂ තීන්දුවට විරුද්ධවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2022
අදත් රුපියල තර වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 8 කින් පහළ ගියේය. 20 May 2022
‘මන්ත්‍රී නිවාස ගිනි තැබුවේ ඩ්‍රෝන කැමරා වලින් තොරතුරු අරගෙන‘ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 20 May 2022
අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට දීම අත්හිටුවයි ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ද පෙට්‍රල් කෑන් සහ බූලිවලට සැපයීම වහාම ක්‍රියතේමක වන පදිරි අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරයි. 20 May 2022
බන්ධනාගාර රැඳවියන් 15 ක් අ.පො.ස සා.පෙළට ලබන සඳුදා (23) ආරම්භ වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 15 ක් ඉදිරිපත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2022
‘ඇමැතිධූර ගත් සජබ මන්ත්‍රීන්ට විනය පියවර ගන්නවා‘ ඇමැතිධුර ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2022
ගින්නෙන් ඇගළුලුම් කර්මාන්ත ශාලාව විනාශයි නවගත්තේගම වෙලේවැව පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක 19 දින රාත්‍රියේ හදිසියේ ඇතිවු ගිනි ගැනිමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් ගි විනාශ වි ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 20 May 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026