විමල් - උදය අමත්‍ය මණ්ඩලයෙන් ඉවතට අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි. 03 March 2022
විමල්,වාසු,උදය කැබිනට්ටුවෙන් විසි වෙති? විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (03) ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 03 March 2022
ඕස්ට්‍රේලියාවේදී සල්ලාලකම් කළැයි 13 වසරක් හිරේ ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබේ. 03 March 2022
පක්ෂ නායක රැස්වීමේදී ඉන්ධන අර්බුදය ගැනත් සාකච්ඡා ඉන්ධන අර්බුදය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (3) සාකච්ඡා කෙරුණු බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 03 March 2022
‘‘ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ලෝකයටම ආදර්ශයක්‘‘ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරණය මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා පැවැසීය. 03 March 2022
කසිප්පු මුදලාලිගෙන් කප්පම් ගත් බුද්ධි නිලධාරීහු හතරක් මාට්ටු නිට්ටඹුව මාතලානේ කසිප්පු අලෙවි කරන කාන්තාවකගෙන් කප්පම් ගත් බව කියන යුද හමුදා බුද්ධි නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 03 March 2022
පිට පිටම තෙවැනි දිනටත් හෙට පැය හතහමාරක් විදුලිය කපයි විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා පිට පිටම තුන්වැනි දිනටත් හෙට (4) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 03 March 2022
පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන හෙට(04) දිනයේ සිට පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන ලබා ගැනිමට ක්‍රමවේදයක් සකස් කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පොරොන්දු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 03 March 2022
ආණ්ඩුවේ පසු පෙළ හවුල් පක්ෂවලට අවි අමෝරයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ නම්, ආණ්ඩු පක්ෂ රැස්වීම් වර්ජනය කිරීමට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත . 03 March 2022
ඇල්ලේවල දිය ඇල්ල සංචාරකයින්ට තහනම් වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්කිරිමට තිරණයට කළ බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්.ඩි හරමානිස් මහතා ලංකාදීපයට පැවසීය. 03 March 2022
යුක්රේනයේ ප්‍රධාන නගරයක් අල්ලා ගනී යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරවලින් එකක් ලෙස කර්සොන් සැලකෙයි. 03 March 2022
රුසියානු-යුක්රේන ගැටුමේ යුද අපරාධ ගැන සොයයි රුසියානු-යුක්රේන යුද ගැටුම් වලදී යුද අපරාධ සිදු වී ඇත්දැයි සෙවීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. 03 March 2022
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතාවක් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ජාතික රෝහල් ශාඛාව අද (3) පස්වරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණය කළහ. 03 March 2022
විදුලිය කැපීමෙන් කිරි-මස් නරක්වීමේ අවදානමක් ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගබඩාවල කිරි සහ මස්වර්ග ගබඩා කර තැබීමේ කටයුතුවලටද එක දිගට විදුලිය කැපීම සහ ඉන්ධන හිඟය නිසා බාධා මතුව ඇතැයි එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 03 March 2022
ඩීසල් නැතිව දුර ගමන් බස් 200 ක් නවත්වයි ඩීසල් නොමැතිවීම නිසා අන්තර් පළාත් (දුර ගමන් සේවා) බස් රථ 200 කට අධික සංඛ්‍යාවක් අද (3) දිනය වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 03 March 2022
මෙරට ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. නිවේදනයක් රටේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි. 03 March 2022
සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පාරට බසිති වද හිංසාව නීතිගත කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කරනලද විරෝධතාවයක් අද( 03) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 03 March 2022
රට හරිමඟට ගන්න ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් වැඩ වරද්දා ගනිති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 March 2022
සෞඛ්‍ය වර්ජනය දින 10කට නතර කරයි සෞඛ්‍ය සේවක වර්ජනය හෙට පෙරවරු 8.00 සිට දින 10කට නතර කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. 03 March 2022
‘රටේ අර්බුධය ජය ගතහැක්කේ පළිගැනීමෙන් නොව සහජීවනයෙන්‘ රට මුහුණ දී ඇති මෙම දරුණු අර්බුධය ජයගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට කැඳවා ජනාධිපති කොමිෂන් සභා හරහා පළිගැනීමෙන් නොව, සහජීවනයෙන් ක්‍රියා කිරීමෙන් බව රජය වටහා ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 03 March 2022
කොළඹ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ ජල සැපයුම අත්හිටුවයි කොළඹ ප්‍රදේශ කීපයකට එළඹෙන සති අන්තයේ පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 03 March 2022
අලුතින් මහාධිකරණ විනිසුරු 13ක් පත් වෙති නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනකුට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 03 March 2022
අධිකරණ රාජකාරියට බාධා කළ නීතිඥවරයා අත්අඩංගුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ටාර් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන නීතිඥවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 03 March 2022
රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත. 03 March 2022
පොලිස් ගිනි අවිය පත්තු වී අයෙක් මරුට පොලිසිය නාඋල දෙකේ කනුව ප්‍රදේශයේ දී සිදුකල සෝදිසියක දි සැකකරුවකු පරීක්ෂා කිරීමේදී ඔහු සමග සිදු වූ බව කියන පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 03 March 2022
බයිඩන් මෝදි කතාබහක් රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කොටු වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හදිසි දුරකතන සාකච්ඡාවක් සිදුවිය. 03 March 2022
ලක්ෂ 60 ක මත්පෙති පේසාලෙන් හමුවෙයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත්පෙති 60000ක් මන්නාරම , පේසාලේ නඩුකුඩා ප්‍රදේශයේදී අද (03) අලුයම සොයාගත් බව යුද හමුදාව පවසයි. 03 March 2022
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට 2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 118 කට ළඟා වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 03 March 2022
අයි එම් එෆ් යනවාද නැද්ද පැහැදිලි කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(3) පැවසීය. 03 March 2022
රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බවත් රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු පවසති. 03 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026