(අංජුල මහික වීරරත්න)
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල ආරාධනය අනුව සහභාගී වූයේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් පමණක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා ද ඊට සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය කියයි .
ජනාධිපතිවරයාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ පෞද්ගලික වියදමින් බවත් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනාධිපති සමඟ ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මෙම අවස්ථාවට වෙනත් විදෙස් රටවල් නියෝජනය කරමින් පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රේස් ඩූඩා සහ ඔහුගේ බිරිඳ ඇගතා කෝන්හවුසර්-ඩූඩා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ඝානා ජනාධිපති නනා අකුෆෝ-ඇඩ්ඩෝ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා , ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදී, චීන උප ජනාධිපති වං කිෂාන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්, එක්සත් රාජධානියේ වත්මන් අගමැති ලීස් ට්‍රස්, මෙන්ම කැනඩාවේ ජස්ටින් ටෘඩෝ, ඕස්ට්‍රේලියාවේ ඇන්තනි ඇල්බනීස්, සහ නවසීලන්තයේ ජකින්ඩා ආඩර්න්, ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් සිය බිරිඳ බ්‍රිජිට් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සහභාගිවී සිටි බවද ජනාධිපති කාර්යාලය කියයි.
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව කියපං ගොං යූ එන් පී ටොයි බයියන්ට දැන් උනුත් තොපිව විශ්වාස කරන එකක් නෑ. ඡන්දෙ වරෙංකො.
රට බංකොලොත් වෙද්දී සදාචාර විරෝධී සංචාරයක්
බමුනුඅරච්චිත් ඔය ප්‍රශ්නයම ඇසුවා.මරණ ගෙදරට එන්න නිල ආරාධන කරනවාද? ඩයස් පෝරාව සමග කතා කොරන්න ගියාලු. ඩයස් පෝරාව සමග මොන බම්බුවක් කතා කොරන්නද? ජනතා මුදලින් පිං සවාරියක් ගහ ගත්තා. අනික් රාජ්‍ය නායකයොත් දොස්තරලා එක්ක ගියාද?