
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දොඹකර ක්‍රියාකරවන්නියන් ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමකදීය.
තම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝගය(2010 අංක 14 දරන) අද(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කාරක සභාවේ එකගත්වය හිමිවිය.
(සීමාසහිත) ජය කන්ටේනර් ටර්මිනල්ස් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව යන ආයතනවල නිලධාරීහු එම ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළහ.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, එම්.එස් තව්ෆීක් සහ ෆයිසාල් කාසිම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර එසවීම සදහා ද ? ඇයි මීට තරුණ කොල්ලන් හරි නැති ද ?
මේ මනුස්සයාට විකාරද මන්දා..?
නිදිමර ගාතේ කියන කතා? මොලේ කොලොප්පම් වෙලා ඇති....
රැකියාවත් නැතිව ඉන්න තරුණයන්ට දුන්නොත් මොකද මේ අවස්ථාව. රැකියාවක් නැති කොල්ලන්ටයි ඒකෙ දුක තේරෙන්නෙ. කොල්ලන්ගෙ රැකියා අවස්ථාවන් නැති කරලා මංකොල්ලකාරයෝ වෙනව දකින්නද ඕනි මේ මිනිස්සුන්ට.
ඉස්සර කාලෙක ඇමතියෙක් කාර්යාලයේ නිරුවතින් ඉඳලා බිරිඳට අහු වුණාලු (ඇත්තද දන්නෑ)... මේ පාර අහු වෙන්නේ දොඹකරයක් ඇතුළේ වෙයිද දන්නෑ...!
දොඹකරවල වැඩ කරන්න පිරිමින්ටත් අමාරුයි. ගැහැනු කොහොම කරන්නද? විහිලු කරන්න එපා...