
(විමුක්ති එස් රුද්‍රිගු)
එරෝෆ්ලොට් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ඒවියේෂන් සෝර්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.
නැවත එරෝෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකා රජයේ පොරොන්දුව මත ඔක්තෝම්බර් මාසයේ සිට ගුවන් ගමන් ආරම්භ කරන බව එරෝෆ්ලොට් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇතැයි එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
නිවාඩු සඳහා විදෙස් රටවලට පැමිණෙන රුසියානුවන් වාර් ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක මුදලක් වියදම් කරන බව පැවසෙයි.
ඉකුත් ජූනි මාසයේ උසාවි නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා ගත් අතර ඒ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටු වූවේය.දින තුනකට පසු ගුවන් යානයට පනවා තිබූ තහනම ඉවත් කෙරුණු අතර අනතුරුව එම ගුවන් යානය මොස්කව් බලා පිටත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්... මීට පස්සේ...
ආචාර්ය බන්දුලගේ ඉංග්‍රීසි අහල මම දන්න ඉංග්‍රීසි ටිකත් අමතක වුණා, කවුද දන්නේ නෑ ඔය යෝධයාට ආචාර්ය පට්ටම දුන්නේ..? බැසිල්ද දන්නේ නෑ...?
එක අනුවණ විනිසුරුවරයෙක් නිසා රටට පාඩු වුණා..