(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය විසින් 2016න් පසු සමහර යල කන්නවල දී වී මෙට්‍රික් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැතැයි ද 2016-2017 යල හා මහ කන්න දෙකේම වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් මිල දී ගෙන නැතැයි ද අමරවීර මහතා කීය.
සාමාන්‍යයෙන් යල කන්නයේ දී වී මිල දී ගැනීමෙි සාමාන්‍ය වී මෙට්‍රික් ටොන් 2000-3000ත් අතර ප්‍රමාණයක් නමුත් 2022 යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 7000 ඉක්මවා වී මිල දී ගන්නට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවීන් විසින් වගා කරන වී වලින් සියයට සියයක්ම වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නේ නැතැයි ද සමස්ත වී අස්වැන්නෙන් සියයට 02- 10ත් අතර ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා බවද අමාත්‍යවරයා කීය .
අම්බලන්තොට බීජ වී ගොවිපොළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් ඇරලා බලිය යුතු පුවතක්. එම කන්නවල වී මිලදීගැනිම සඳහා ලබාදුන්නු මුදල්? විගනනය?
මේ කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.
මේ ගොල්ලන්ට කරන්න බැහැ. පහුගිය සියලු ආණ්ඩුවල මෙයා ඇමැති, මේ පළාතේම දන්නවා. දැන්ද මෙයා මේක දන්නේ? ආණ්ඩුවට ජනතා සහයෝගය නැහැ. විසුරුවන්න අපට අලුත් ඡන්දයක් දෙන්න අලුත් පුද්ගලයින් පත්කරගන්න.