(ඉන්දිකා රාමනායක)
බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 18 ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දොම්පේ පනන්වල විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 25 ක් , අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු සන්තකයේ රුපියල් ලක්ෂ 5 ක ද තිබී ඇත.
අඩංගුවට ගත් සැකකරු දොම්පේ ප්‍රදේශයේ පදිංචි 41 පුද්ගලයකු බවත් ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා දොම්පේ පොලීසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd