කුණු කන්දෙන් රිවෝල්වරයක් මතුවෙයි මාදම්පිටිය කුණු කන්දේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හමුවී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 06 October 2025
ගොවි මණ්ඩලයේ ලොක්කන් 19කට හොර පාරෙන් දීමනා කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් 19 දෙනකුට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට පටහැනිව රුපියල් ලක්ෂ තිස් එකක ප්‍රවාහන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 06 October 2025
දරුවෝ තමයි මගේ මිතුරෝ කාල්ටන් නිවසට පැමිණි දින සිට ගත වූ බොහෝ දිනයන්හි පොඩි දරුවන් වෙනුවෙන් දින චර්යාවෙන් කෙටි කාලයක් හෝ වෙන් ව තිබීම, දෛනිකව නැවුම් අත්දැකීමක් එක් කරන්නක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේ සිට සඳහන් කරයි. 06 October 2025
දෙහිවල සතුන් වත්තෙන් පරවියන් 32ක් අතුරුදන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පරවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. 06 October 2025
ඖෂධ හිඟයට පිළියම් හොයන්න සමහර නීති හරස්වෙලා ඖෂධ හිඟයට පිළියම් සෙවීමට පවතින සමහර නීති රීති බාධා වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 06 October 2025
දෙමඩගොඩ පාළු නිවසක ගිනිඅවි-උණ්ඩ-මැගසිනයක් සොයාගනි දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස පාලු නිවසක තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් ,ටී 56 වර්ගයේ ගෙනියවියකට යොදන මැගසිනයක් හා ටී 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් භාරයට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි 06 October 2025
බල ජය කෙහෙලි යාපා පටුනේ යොවුන් ක්‍රීඩා උළෙලේ (Youth Sports Fest 2025) පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනයෙන් ආරම්භ කෙරිණි. 06 October 2025
නීතී විරෝධි දුම්වැටි සමඟ ගුවන් මඟියෙක් අල්ලයි රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 06 October 2025
කීරී සම්බා හිඟයට හේතුව ඩඩ්ලි කියයි කීරී සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. 06 October 2025
කෝටියක හෂිෂ් සමඟ අයෙක් අල්ලයි රුපියල් කෝටියකට අධික වටිනා හෂිෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි. 06 October 2025
මෙරට ඉපදිමත් අඩු වෙලා 2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2025
අදත් ප්‍රදේශ රැසකට වැස්ස ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායු ගෝලිය තත්වයක් සවස් කලයේ බොහෝ ප්‍රදේශවල පවතී. 06 October 2025
වප් පොහෝය අදයි බෞද්ධ ජනයා කඨින චීවරය ප්රදානය කරනු ලබන පුණ්‍යෝත්සවය වස් පොහෝ දිනයෙන් ආරම්භවේ. වෙසක්, පොසොන්, ඇසළ පුර පසළොස්වක ථෙරවාද සම්ප්රදාය අනුගමනය කරන රටවල,බෞද්ධයන්ට වප්පුර පසළොස්වක පොහෝ දිනය විශේෂ වැදගත්කමක් ඇත. 06 October 2025
පොහොට්ටුවේ නායකයෝ ආරක්ෂක ලේකම් පොලිස්පති හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා එන සතියේ හමුවේ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. 06 October 2025
රවීට - ඇලෝසියස්ට එරෙහි නඩු දෙකක් විභාගයට මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව එළඹෙන නොවැම්බර් මස 28වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීරණය කළේය. 06 October 2025
ලෝක කුසලානය අතරේ ක්‍රිකට් තරුදෙකක් ගල්කිස්ස හෝටලයේදි අතිනත ගනිති ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකා මැලෝරි බාර්ටොෂ් අද විවාහ ගිවිස ගත්හ. 05 October 2025
අඩු ආදායම්ලාභී නිවාස 1000ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද(5) පැවැත්විණි. 05 October 2025
මී කඩන්න ගිය අයකු වෙඩි වැදී වැටිලා යාල ජාතික වනෝද්‍යානයට මී කැඩීම සඳහා ඇතුළු වූ පුද්ගලයකු වෙඩි වැදී තුවාල සහිතව පැමිණ කතරගම කොච්චිපතාන ඝණ දේවාලය සීමාවෙි වැටී සිටියදී කතරගම පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත එම පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට යැවූ බව කතරගම පොලීසිය කියයි. 05 October 2025
බඹරු ඇන 9ක් රෝහලේ මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට බියගම මල්වානේ ප්‍රදේශයේ සිට පැමිණි සංචාරක පිරිසකට අද (5) එල්ලවු බඹර ප්‍රහාරයකින් නවදෙනෙකු තුවාල ලබා ලුණුගල රෝහලට ඇතුලත් කළබව මඩොල්සිම පොලිසිය පවසයි . 05 October 2025
රිය අනතුරින් තිදෙනකු මරුට කොළඹ සිට අක්කරේපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හා කුරුණෑගල සිට නාරම්මල දක්වා ධාවනය වූ බට්ටා වර්ගයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයින් දෙදනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 October 2025
රංගගේ පුටුව එන සතියේ මැතිසබයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය. 05 October 2025
ඒකාබද්ධ විපක්ෂයෙන් ලොකු ජන රැලියක් කොළඹට ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ළඟදීම ප්‍රධාන පෙළේ රැස්වීමක් පැවැත්වීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත. 05 October 2025
මනම්පේරි මගේ ලේකම් කෙනෙක් නෙමෙයි සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) පැවැසීය. 05 October 2025
විසුම්පායටත් ආයෝජකයකු සොයයි කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ රජයේ ගොඩනැගිල්ලක් වන විසුම්පාය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොමු කිරීමට රජය මේ දිනවල සුදුසු ආයෝජකයකු සොයමින් සිටි. 05 October 2025
ඇල්පිටිය රෝහලට ’’මල් පිපෙන’’ ආරංචියක් මෙරට අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු සක්‍රීය කිරීමට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 October 2025
ලක්ෂ 40ක දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(05) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 October 2025
විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට(6) තංගල්ල මූලස්ථානයේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත. 05 October 2025
’’බිඳින්න හදන කොට බැඳීම් ශක්තිමත් වෙනවා’’ බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. 05 October 2025
රන් බඩු සොරකමේ ගිය යුවළ මාට්ටු ස්වර්ණාභරණ මිලදීගන්නා මුවාවෙන් මහනුවර නගරයේ ස්වර්ණාභරණ ආයතන වලට ඇතුළු වී ස්වර්ණාභරණ පරීක්ෂා කරන අතරතුර ඊට ව්‍යාජ ස්වර්ණාභරණ තබා නියම ස්වර්ණාභරණ සොරකමේ යෙදුණ බව කියන තරුණ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 October 2025
තැපෑලට අලුතින් සහායකයන් 731ක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට 731 දෙනකු තෝරා ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026