රියදුරු බලපත්‍රයෙන් පෞද්ගලික සමාගම් පොහොසත් වුණා රියදුරු බලපත්‍රය අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මුද්‍රණය කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවී පෙෘද්ගලික සමාගම් පොහොසත්වූ බව වරාය නාවික සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 October 2025
විශ්‍රාමික අයි.පී ගේ නිවසේ ලියුම් පෙට්ටියේ ජීව උණ්ඩ පනස්තුනක් විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ හයක් අද (08) දා සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 08 October 2025
හිටි හැටියේ වාහන දෙකක් ගිනිගෙන බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක් සහ වෑන් රථයක් අද (8) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශ වී ගොස් ඇතයි ඇටම්පිටිය පොලිසිය පවසයි . 08 October 2025
දුම්රිය රියැදුරු මැදිරි ඒ.සී කරයි දුම්රිය රියැදුරු මැදිරි වායු සමීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී තනුර දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 October 2025
කොත්මලා ඔයේ නාඳුනන මළ සිරුරක් කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කොත්මලා ඔයේ පාවෙමින් තිබූ හඳුනා ගැනීමට නොහැකි තත්වයේ තිබෙන මිනිස් මළ සිරුරක් අද (08) හමු වූ බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 08 October 2025
කර්මාන්ත අමාත්‍යාංශයෙන් භාණ්ඩාගාරයට කෝටි 75ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපාරවලින් ලැබූ රුපියල් මිලියන 757.4 ක් හෙවත් රුපියල් කෝටි 75 කට අධික ලාභාංශ භාණ්ඩාගාරයට භාරදුන්නේය. 08 October 2025
කතුන්ට නොවැම්බරයේ බස් රියැදුරු වරම් බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 October 2025
චමින්ද්රාණිගේ පැමිණිල්ලට ’’කෝප්’’ වරප්‍රසාද කමිටුවට සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට කෝප් කමිටුවේ විමර්ශනයකදී අගතියක් සහ අපහාසයක් සිදු වී යැයි සඳහන් වරප්‍රසාද ප්රශ්නය විභාග කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට තීරණය කර ඇත. 08 October 2025
ඇල්පිටිය ප්‍රා.ස. විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය 08 October 2025
සුව ඇමැති - ස්වීඩන් තානාපති හමුවක් නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. 08 October 2025
ශෂීන්ද්‍රට උදවු කළ හානිපූර්ණ කාර්යාලයේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි. 08 October 2025
වරප්‍රසාද ප්‍රශ්න අතුරුදන්: විපක්ෂනායකගෙන් චෝදනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න තවමත් කිසිම සාකච්ඡාවකට ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. 08 October 2025
ඕ අයි සීලා තිහක් හිතුමතේ මාරු කරලා පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 October 2025
අණ නොතැකු රියට පොලිස් වෙඩි මාතර මැද්දවත්ත ජනරජ මාවත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා එම මෝටර් රථය හා සැකකරුවකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. 08 October 2025
තැනින් තැනට අදත් තරමක තද වැසි උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 October 2025
හරිත බලශක්තිය නංවන්න උදව් කරනවා ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank - AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 07 October 2025
කර්මාන්ත අමාත්‍යාංශයේ ලාභාංශ මිලියන 757.4 ක් භාණ්ඩාගාරයට දෙයි කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය. 07 October 2025
පැරා ශූරයෝ ලංකාවට ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (7) දිවයිනට පැමිණියහ. 07 October 2025
ක්‍රීඩා උත්තේජක තහනම් පනතට කතානායක සහතිකය ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කළේය. 07 October 2025
බහාලුම් අවුල හොයන්න විශේෂ කාරක සභාවක් කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු කාර්යාලයේදී අද (7) බාර දෙනු ලැබීය. 07 October 2025
ඩෙංගු වැඩිවීමේ අවධානමක් පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. 07 October 2025
ජනපති - අයි.එම්.එෆ් හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (7) පැවැත්විණි. 07 October 2025
අමරේට තංගල්ලෙන් දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 2011 වසරේදී තංගල්ල කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේය. 07 October 2025
සංචාරක ත්‍රීරෝද රියැදුරන්ට විශේෂ පුහුණුවක් සංචාරක ක්ෂේත්රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 07 October 2025
අටෙන් එකක් මානසික ලෙඩෙක් ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 07 October 2025
මහින්ද රැකීමෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2025
’’දවසේ වෙඩිල්ල දවසේ ඇඬිල්ල වෙලා’’ දවසේ වෙඩිල්ල දැන් දවසේ ඇඬිල්ල බවට පත්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු සමන් මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 07 October 2025
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැන ’’ලොක්කන්ට’’ කියා දෙයි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට තීරණය කර තිබේ. 07 October 2025
මහින්ද බලන්න මහින්දත් එයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට තංගල්ලේ කාල්ටන් නිවසට අද පැමිණියේය 07 October 2025
සංස්කෘතියේ ’’මගඩි’’ හොයන කමිටුවට තව කල්දෙයි සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත. 07 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026