අද දහවල් 1න් පසු වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(09) පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 October 2025
තැපැල් සේවකයෝ කව පටි බඳියි ලෝක තැපැල් දිනය යෙදී තිබෙන අද (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය. 09 October 2025
මිරිහානේ පාසලක දරුවෙක් පිහිණුම් පුහුණු වෙද්දි ගිලි මරුට මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 5 හැවිරිදි සිසුවකු පිහිනුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි. 09 October 2025
ලක්ෂපාන වත්තේ තේ කම්හලක් ගින්නෙන් දැවේ නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 09 October 2025
ලංවිම සේවකයන් වර්ජනයකට යවන්න එපා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කරන ලෙස බලධාරීන්ට කරන බලපෑම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තෙවැනි අදියර වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණ වී සිටින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාවලිය තුළ ජනතාව අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමේ කිසිඳු අදහසක් නොමැති බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු සමන් ඉලුක්තැන්න මහතා අද (8) ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය. 08 October 2025
මාරාන්තික දිලීර වලට බැටදෙන බේතක් ඉන්දියාවෙන් ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50 වයල් 40,000 ක ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
ශෂීන්ද්‍රගේ අතිරේක ලේකම්වරියට ඇප අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබා ගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (08) නියෝග කළේය. 08 October 2025
ලංකා ප්‍රමිති ආයතනය රුසියාව එක්ක හාද වෙයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත 08 October 2025
කටුනායක ගුවන්තොට ගිය අවුරුද්දට වඩා ’’බිසී’’ වෙයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ පළමු මාස අටේ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාග පවසයි. 08 October 2025
ප්‍රවාහනයට කෝටි 3660ක් දෙන පරිපූරකය සම්මතයි ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 3660 කට වැඩි අතිරේක මුදලක් ගෙවීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඒකමතිකව සම්මත විය. 08 October 2025
නාමල්ගෙන් පොලිස්පතිට අවවාදයක් දේශපාලකයන්ට කඩේ ගියාම වෙන දේ ගැන හොඳින් අධ්‍යයනය කරන්නැයි පොලිස්පතිට කියන බව පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 October 2025
මත්තල ගුවන් තොටට වනජීවී කාර්යාලයක් හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
රත්මලාන ගුවන් තොටේ පහසුකම් වැඩි කරයි රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
වන්දි ඉල්ලූ ලංවිම සේවකයෝ මානව හිමිකම් යෑමේ සූදානමක් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණට සමගාමීව වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකළ සේවකයන්ට එම මණ්ඩලය නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පිහිට පැතීමට සිදුව ඇති බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. 08 October 2025
පොලිස් කොමිසම රූකඩයක් වෙන්න දෙන්න බෑ පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පැවරීමට විපක්ෂය දැඩි ලෙස විරෝධතාවය පළ කරන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙකු වීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 October 2025
වාහන අංක තහඩු ප්‍රමාදය බිමල් පිළිගනී නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් අැචති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද කීය 08 October 2025
මැතිසබේ කවටයොත් ඉන්න ඕනෑ හැම පාර්ලිමේන්තුවකම විහිළු සපයන පිරිසක් සිටිය යුතු බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය 08 October 2025
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පාස්පෝට් නිදහස් කළේ කවුද? අර්ජුන් මහේන්ද්‍රයන්ගේ ’’පාස්පෝට් එක’’ 2017 වසරේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නිදහස් කළේ කවුදැයි රංග දිසානායක ප්‍රකාශ කළ යුතු බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 October 2025
ගොඩනැගිලි පර්යේෂණ පනතට කතානායකගේ අනුමැතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය. 08 October 2025
ලංකා - මෝල්ටා ද්වි පාර්ශවික ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ මෝල්ටා ජන රජය අතර ද්වීපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
ස්වාභාවික විපතින් උන් හිටි තැන් අහිමි අයට අලුත් ගෙවල් ස්වභාවික ආපදා වලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩ සටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
හඳුන්කුරු පෙන්වා කෝටි ගණනක් වංචා කළ යුවලක් රිමාන්ඩ් අම්පාර පන්නල්ගම ගම්මානයේ පිරමීඩ ජාවාරම කරන ලද කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. 08 October 2025
කොළඹ කුණු හරි විදියට දමන්න වැඩක් අරඹයි බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
මත්තල ගුවන් තොටේ අපගමන බදු සහන කාලය දිගු කරයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
බන්ධනාගාරෙට කෑම දෙන්න ලංසුව පිරිනමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 08 October 2025
බොරතෙල් නැව් හතරක් ගන්න ප්‍රසම්පාදනය සිංගප්පූරුවට මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
පෝර සහනාධාරය දෙන්න තව බිලියන පහක් වෙන් කරයි 2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් පත් කරයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 October 2025
පොලිස් මාරුවීම්: හදිසි විවාදයක් හෙට පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය කතානායකවරයාට බාර දුන් යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ හදිසි විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (9) පැවැත්වීමට නියමිතය. 08 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026