ඉඩම් කොමිසමේ ලොක්කා ඉවත් කරයි පද්මසිරි ලියනගේ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත. 05 October 2025
ක්‍රිප්ටෝ මුදල්: මහ බැංකුවෙන් තීරණයක් ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත. 05 October 2025
අදත් තදින් වැස්ස ගිගුරුම් සහිත වැසි ඇති විමේ හිතකර වායුගෝලීය තත්වයක් සවස් කාලයේ පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. 05 October 2025
බැකෝ සමන්ගේ මස්සිනා කුඩු සමග මාට්ටු ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් යන අයගේ මස්සිනා රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 05 October 2025
ඇල්පිටියේ වෙඩි තැබිමක් ඇල්පිටිය , ගනේගොඩ ඉහල ඕමත්ත නිවසකට නාදුනන තුවක්කුකරුවන් වෙඩි තබා පලා ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 05 October 2025
පොළොන්නරු බීජ ගොවිපලේ දී විදුලි සැර වැදී අලියකු මියයයි පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුළ විදුලිසර වැදී වන අලියෙකු අද (4) මියගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. 04 October 2025
නාරංගල කන්දේ අතරමං වූ පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුමක් බදුල්ල නාරංගල කන්ද තරණය කළ 22 දෙනකු පමණ වන සංචාරක කණ්ඩායම් තුනක් අද (04) සවස අධික වර්ෂාව හා දැඩි සුළඟ මධ්‍යයේ දැඩි අවදානමකට ලක්වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 04 October 2025
බදුල්ලේ පැත්තකට අයිස් වැසි දිවුලපැලැස්ස තෙල්දෙණියාය ප්‍රදේශයට ඇද ඇළුණු අයිස් වැස්සක් සමග හමාගිය දැඩි සුළගින් නිවාස තිහකට පමන අලාභහානි වී ඇතැයි බදුලල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 04 October 2025
විෂ සතෙකු සපා කෑමෙන් සිව් හැවිරිදි දරුවා මරුට රාත්‍රී කාළයේදී පා ගමනින් යමින් සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකු විෂ සහිත සත්වයෙකු හෝ කෘමියෙකුගේ සපා කෑමට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි 04 October 2025
දිස්ත්‍රික්ක පහකට නාය අනතුරු පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අද (4) පස්වරු 6.00 සිට හෙට (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැගවීමේ පනිවිඩ නිකුත් කර ඇත. 04 October 2025
පෙරහරේ කාවඩි නටමින් සිටි තරුණයා ඇද වැටී මරුට අම්බලන්ගොඩ විහාරස්ථානයක් සංවිධානය කර තිබූ පෙරහරක කාවාඩි නටමින් සිටි 20 හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 04 October 2025
‘‘ආණ්ඩුව හොඳ ගමනක් යනවා‘‘ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය. 04 October 2025
ජනපති බංගලා නඩත්තුවට කෝටි අටක් ගෙවලා ජනාධිපති මන්දිර අට නඩත්තු කිරීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි එක්ලක්ෂ පනස්හතරදහස් හාරසිය විසිදෙකක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වැය කරනු ලැබ ඇත. 04 October 2025
යතුරුපැදියක් ලොරියක ගැටී දෙදෙනෙක් මරුට හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරැණ අඹුසැමි යුවළක් මියගොස් ඇති බව හොරණ පොලසි පවසයි. 04 October 2025
චන්ද්‍රිකාත් බංගලාවෙන් ඉවත්වෙයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉදිරි සති දෙක තුන ඇතුළතදී කොළඹ රජයේ බංගලාවෙන් ඉවත්වී නගරයේම කුලී නිවසක පදිංචියට යෑමට නියමිතය 04 October 2025
පුංචි සභාවල වාහන දාහක් අතුරුදන්: සමහර ඒවා මස් කරලා පළාත් සභාවන්හි සහ නගර සභා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල වාහන දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 04 October 2025
මැතිසබා කැන්ටිමේ ’’සලාද’’ නවතී පාර්ලිමේන්තුවේ ආහාර වේලට සලාද කොළ එකතු කිරීම තාවකාලිකව නතර වී ඇතැයි වාර්තා වේ 04 October 2025
ලොරි රථයක් දුම්රියේ ගැටී රියදුරු රෝහලට අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදි අද (04) පෙරවරුවේ කුඩා ලොරි රථයක් දුම්රියේ වැදිමෙන් එහි රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව අහංගම පොලිසිය පවසයි. 04 October 2025
මෛත්‍රී කල් ඉල්ලයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කැප්පිටිපොළ මාවතේ නිවසින් ඉවත්වීමට නොවැම්බර් මස පළමු වැනිදා දක්වා කාලය ඉල්ලා ඇතැයි වාර්තාවේ. 04 October 2025
’’හොර මගඩි’’ ලංගමයේ කෝටි 500ක් වනසලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය සඳහා පිරවූ ටයර් සහ ටයර් පෙර සවිකිරීම ටෙන්ඩරය පිරිනැමීමෙන් තොරව අමාත්‍ය මණ්ඩලයේ තීරණයට ඒවා මිලදී ගැනීම හේතුවෙන් එම මණ්ඩලයට රුපියල් තිස් පන්කෝටි හැට ලක්ෂයකට වැඩි මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 04 October 2025
පළාත් ඡන්දය අප්‍රේල් මැද: පක්ෂ රැසක් බරටම වැඩ පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය අපේක්ෂා කරයි. 04 October 2025
මහින්දගේ බංගලාවට කඹ ඇදිල්ලක් බඩු බාහිරාදිය භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වී තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම මාවතේ බංගලාව රජයේ භාරයට ගැනීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබෙන බව වාර්තාවේ. 04 October 2025
රොබෝවෙන් මිනිසා රකින්න ගේන අලුත්ම නීති හත කෘත්‍රිම බුද්ධියේ බලයෙන් ජනතාවගෙන් ගන්නා තොරතුරු ආරක්ෂා කිරීමේදී අද දැඩි අභියෝගයක් මතුවී ඇතැයි ආසියානු පැසිෆික් කලාපයේ නීතිඥ සම්මේලනයේ (LAWASIA) සන්නිවේදන, දත්ත ආරක්ෂණ සහ තාක්ෂණ කමිටුවේ සභාපති ආචාර්ය නීතිඥ සුනිල් අබේරත්න මහතා ප්‍රකාශ කළේය. 04 October 2025
ගම්පහ වාහන 33කට තහනම් නියෝග මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ පොලිසිය එක්ව අද දිස්ත්‍රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර අඩුපාඩු සහිත වාහන 33 කට තහනම් නියෝග නිකුත් කළේය. 03 October 2025
මල් කැකුළක් පරකළ මාමා වසර 12ක් හිරේට බයිසිකල් පැදීමට රැගෙන ගිය තුන් හැවිරිදි දැරියට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරු කරු කළ 36 හැවිරිදි දැරියගේ මාමාට වසර 12 බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (03) නියම කළේය. 03 October 2025
මහින්දගේ වෙඩි නොවදින රථයත් බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. 03 October 2025
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය 15වැනිදා විදුලි ගාස්තුව සියයට 6.8 කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැපු්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය මෙම මස තුන්වැනි සතියේ නිවේදනය කරන බවත් එම නිවේදනය මෙම මස 15 වැනිදා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් එම කොමිෂමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (3) පැවසීය. 03 October 2025
මාර්ග හදන්න ගත් කෝටි 31000ක් හිරවෙලා මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ. 03 October 2025
’’කළු පාලනය අවසන් කරන පියවර ආපසු හරවන්නේ නෑ’’ රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 October 2025
විදුලි සේවකයන්ගෙන් විශේෂ ප්‍රකාශයක් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති රැසක් ක්‍රියාත්මක කරන ‘අකුරට වැඩකිරීම’ ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබන අඟහරුවාදා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (3) පැවසීය. 03 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026