( ෂේන් සෙනෙවිරත්න)
හැටන් දික්ඔය ද්විත්ව මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
හැටන් දික්ඔය ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පොලිසිය පහර දුන් බව පැවසීමෙන් පසු ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ඇතුලත් කොට තිබේ.
සැකකරු අද (27) අලුයම් කාලයේ වැසිකිළියාමට අවශ්‍ය බව පැවසීමෙන් පසු ඔහුගේ විලංගු ගලවා වැසිකිළිය වෙත රැගෙන යාමෙන් පසු එහි ජනේලයකින් සැකකරු පැන ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරින් විසින් මහනුවර රෝහල් පොලිසියට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd