කැඩුනු යානය හෙට දිවයිනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය. 16 April 2023
අධිවේගයේ අනතුරු වැලක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු වැලකින් වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 16 April 2023
එජාපය සහ සජබ එක් කරන කපුකම අසාර්ථක වුණා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. 16 April 2023
තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් අතර පසුගිය 15 වැනිදා ඇතිවූ ගැටුමකින් 16 දෙනකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ, තබලගමුව පොලිසිය පවසයි. 16 April 2023
මුදල් රාජ්‍ය ඇමැති රිය අනතුරක මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි . 16 April 2023
ලෝකෙටම විවෘත අවුරුදු උළෙල 22 ගාලුපිටියේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරග වලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. 16 April 2023
අධික රස්නය සතුන්ටත් බලපාලා රට පුරා පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගවයන් හා එළුවන් වැනි නිදැල්ලේ හැසිරෙන සතුන්ගේ ජීවිතවලට දැඩි සෞඛ්‍යමය අවදානමක් මතුව ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 16 April 2023
දුම්රිය රැසක් අවලංගුයි දුම්රිය රියදුරන් රැසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 April 2023
නෑගම් ගිය 5ක් රිය අනතුරින් රෝහලේ ත්‍රීරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි. 16 April 2023
ජපානය මෙරට ව්‍යාපෘති ගැන උනන්දුවෙන් ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසා ඇත. 16 April 2023
නව පාසල් වාරය හෙට ඇරඹේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ. 16 April 2023
අතුරුදන් දරුවා ඇළෙන් හමු වේ අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව රංකැට ඇළේ තිබි අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි. 16 April 2023
දඩ මස් සමඟ යුවළක් දැලේ පොලොන්නරුව මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ ගෝන මස් කිලෝ සියයක් ශීතකරනවල සඟවාගෙන විකිණීමට සූදානම් කරමින් සිටී ප්‍රසිද්ධ මස් වෙලෙන්දෙක් සහ ඔහුගේ බිරිඳ අද(16) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි. 16 April 2023
ආයතන 420 ක් කෝප් කමිටුව හමුවට විවිධ අක්‍රමිකතා මෙන්ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය ආයතන 420ක ප්‍රධානින් මේ වසරේදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර ඇත. 16 April 2023
රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් හදයි වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 16 April 2023
පී.සී.ට පහරදුන් යතුරුපැදිකරුට වැඩ වරදී උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදි පලා යාමට උත්සාහ කල යතුරුපැදි කරුවෙක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 16 April 2023
අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් ඉකුත් පැය 24 තුළ රුපියල් මිලියන 35ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල් .වි. එස්. වීරකෝන් මහතා පැවසීය. 16 April 2023
මිලියන 16 ක මත්පෙති සිලාවතුරේ කැලෑවක මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් රුපියල් මිලියන 16 කට අධික මත්පෙති 111,000 ක් සොයාගත් බවට මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 16 April 2023
අලුත් අවුරුද්දේ ගොවියන්ට ’’එළු’’තෑග්ගක් මෙම වසරේ එළුවන් 70,000ක් රැකියා නැති තරුණයන්ට නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 16 April 2023
කසිප්පු හබයෙන් මස්සිනා - මස්සිනාට වෙඩි තබයි ගාල්ල දඩල්ලේ ඊයේ රාත්‍රි පැවති සංගිත සංදරශණයක් අසළදි වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 16 April 2023
බොල්ගොඩ ගඟේ මළ සිරුරක් පිලියන්දල හල්පිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ සැකකටයුතු අන්දමින් මිය ගොස් පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි. 16 April 2023
පැත්තකට වැස්ස-පැත්තකට වැස්ස නෑ සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 April 2023
යතුරු පැදි හොරා අසු වූ හැටි ගුරුවරියකට අයත් සොරකම් කරන ලද යතුරු පැදියක් මුහුණු පොතේ විකුණන්න දමා තිබියදී පන්තියේ සිසුවකු සොයා දීමේ පුවතක් නාරම්මල පොලීසියෙන් වාර්තාවේ. 16 April 2023
සංගීත සංදර්ශනය පිහි ඇණුම් අවසන් වේ කතරගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතර තුර සිදු වූ ගැටුමකට මැදි වූ තරුණයන් හය දෙනකු තියුණු ආයද ප්‍රහාරවලට ලක්ව රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 16 April 2023
බීමත් පියා පුතාගේ බෝතල් කටු පහරින් එලොව යයි බෝතල් කටුවකින් ඇන සිය පියා ඝාතනය කළේ යැයි සැකපිට ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලිසිය පවසයි. 15 April 2023
බල්ලා මාර වෙස් ගෙන තරුණයා බිලි ගනි මිතුරන් තිදෙනකු එක යතුරු පැදියකින් නැගී නිවසට එමින් සිටියදී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීම එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ,අනෙක් තරුණයන් දෙදනා බරපතල ලෙස තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි . 15 April 2023
ගමේ ගිය අයට කොළඹ එන්න දුම්රිය කීපයක් සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක් හෙට (16 )උදේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන් . ජේ . ඉදිපොලගේ මහතා පැවසීය. 15 April 2023
පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක් ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක මුදල ප්‍රති ව්‍යුහගත කිරීම පිළිබඳ 15 April 2023
ඉන්ධන භාවිතය ඉහළ යයි ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 15 April 2023
ජපාන් අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක් ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබේ. 15 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026