පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක් ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක මුදල ප්‍රති ව්‍යුහගත කිරීම පිළිබඳ 15 April 2023
ඉන්ධන භාවිතය ඉහළ යයි ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 15 April 2023
ජපාන් අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක් ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබේ. 15 April 2023
ගිනිකෙලි අන්තුරුවල අඩුවක් සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිනයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි වලින් සිදුවූ හදිසි අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 15 April 2023
සියලු පක්ෂ නායකයන් 20 වැනිදා කැඳවයි පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන20 වැනිදා පැවැත්වීමට නියමිතය. 15 April 2023
පැරිස් සමාජයේ ණය හිමියනුත් සාකච්ඡාවට සූදානමින් පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 15 April 2023
පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර,සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 April 2023
මව අවුරුදු දා දරු දෙදෙනා හිරේ යවයි වැලිගම ගලාකන්ද කොලොන්දණ්ඩ ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන දාසය හැවිරිදි බාලවයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි. 15 April 2023
යාපනයේ බසයට ගල් ප්‍රහාරයක් කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් එම බස් රථයේ ගමන් ගත් මගී කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. 14 April 2023
අලුත් අවුරුදු දා දුම්රිය 14ක් නතර වේ දුම්රිය කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකිරීම නිසා අලුත් අවුරුද්ද වූ අද දින දුම්රිය 14ක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 14 April 2023
චීනයෙන් පොරොන්දුවක් ණය අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාව දරන උත්සාහයට චීනයේ අඛණ්ඩ සහාය හිමි වන බව චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි මහතා ප්‍රකාශ කර ඇත. 14 April 2023
මෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින් අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් මහතා ප්‍රකාශ කර ඇත. 14 April 2023
අහුන්ගල්ලේ වෙඩි තැබීමක් අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදි පුද්ගලයෙකුට අද (14) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. 14 April 2023
අවුරුදු කන්න ගිය ලොරිය අනතුරක කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිට බදුල්ල සොරණාතොට පතනවත්ත ප්‍රදේශයේ හිතවතකුගේ නිවසට පැමිණ යමින් සිටි 18 දෙනකු රැගත් ලොරි රථයක් අද (14) දහවල් බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට ලදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් අවුරුදු 6ක දැරියක් ඇතුලු තිදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 14 April 2023
විදේශකයන් වෙනුවෙන් අවුරුදු උත්සවයක් විදේශික සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු ක්‍රීඩා තරඟ රැසකින් සමන්විත අවුරුදු උළෙල අලුත්ගම මොරගල්ල ඊඩ්න් රෙසෝට් සංචාරක හෝටලයේ සංවිධානය කර තිබූණි. 14 April 2023
ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් භූමිකම්පාවක් එරට වේලාවෙන් පස්වරු හතරයි පනස් පහට පමණ වාර්තා වී ඇත. 14 April 2023
නෑ ගම් ගිය ත්රිවිලය ගිනි ගෙන දැවේ අලුත් අවුරුද්දට නෑගම් යන පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් කටුකුරුන්දේදි ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි . 14 April 2023
අකුරල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර හමුවෙයි අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයෙන් ඊයේ(13) පස්වරුවේ දිය නෑමට ගොස් දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (14) අකුරළ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 14 April 2023
අලියාගේ පහරදීමෙන් තිදරු පියා මරුට වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව තම්බුත්තේගම පොලීසිය පවසයි. 14 April 2023
ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා නව වේදිකාවක් ජපානය, ඉන්දියාවේ සහ ප්‍රංශයේ සහයෝගිත්වය ඇතිව ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත් කරන ලදි. 14 April 2023
ප්‍රතිත්‍රස්ත පනත 25 දා පාර්ලිමේන්තුවට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 14 April 2023
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 April 2023
වෙහෙස මහන්සී වී අරමුණු ඉටු කර ගනිමු එළඹෙන අවුරුද්ද මීටත් වඩා භාග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට වෙහෙසෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 14 April 2023
සෞභාග්‍ය සම්පන්න අනාගතයක් අන්ධකාර සමය නිමා වී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලිව පෙළ ගැසීමේ ශක්තිය රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 14 April 2023
තාරුණ්‍යයේ සිහින යළි නගා සිටුවීම ආශ්චර්යයක් ඇද වැටුණු බංකොලොත් රාජ්‍යයක් මතින් යළිත් තාරුණ්‍යය සිහින නඟා සිටුවන්නට හැකිවීම ප්රාතිහාර්යක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 14 April 2023
බීමත් පී.සී පවුලක්ම රෝහලට යවයි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු බීමතින් පැද වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී එහි ගමන් ගත් අවුරුදු එක හමාරක දියණියක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලීසිය පවසයි. 14 April 2023
පොලිසියේ දෙකක් ලක්ෂ පහක් කොල්ල කාලා මිරිහාන බැද්දගාන ප්‍රදේ)ශයේ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පහරදී රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකෑවේ බව කියන නුගේගොඩ කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව මිරිහාන මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. 14 April 2023
රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ පළාත් කීපයකට සහ දිසා රැසකට හෙට දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. 13 April 2023
අකුරළ මුහුදේ සිසුන් තිදෙනෙක් ගසාන යති අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයෙ අද (13) පස්වරුවේ දිය නාන්න ගිය පාසල් සිසුන් තිදෙනකු ගසා ගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනකු බේරාගෙන අනෙක් සිසුවා අතුරුදහන්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 13 April 2023
ගැට කපන්නා දරුවන්ට පිය සෙනෙහස අහිමි කරයි සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලිමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000 ක මුදලක් ගැට කපන්නකු සොරා ගැනීමෙන් සිත්තැවුලට පත්ව සිටි තිදරු පියකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි. 13 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026